හිමිදිරි
පාන්දරම අවදි වූ මා සුපුරුදු පරිදි පියමැන්නේ කවුළුව අභියසටයි. කවුළුව ළගට වී
මොහොතක් බලා සිටීම මාගේ දින චර්යාවේ විය. එසේ බලා හිඳපු මට දැකගන්නට ලැබුනේ සිය දරුවත් කරපින්නා ගෙන වැරැහැල්ලක් ඇඳගෙන ඉතා
අමාරුවෙන් ඇවිද යන මවකි. මා තවත් ඕණැකමින් එදෙස බලා සිටියෙමි. මා මාගේ මවට හඬගා එම
දසුන පෙන්වන ලදී. එවිට මගේ අම්මා මෙසේ පැහැදිලි
කරන්නට පටන් ගත්තේ ය.

මෙය නොවැටහෙන
දරුවන් අද සමාජයේ කෙතරම් නම් සිටීද? ඒ වගේම එවැනි මව්වරු ද සිටී. දරුවන් බඩට ආ බව
දැනගත් දා පටන් එම කළලය විනාහ කිරීමට මාන බලන අම්මලාද සිටී. එසේ නැත්නම් ටොයිලට්
වලක හෝ ගඟක හෝ පරක හෝ කැලයකට විසි කර දමා යයි. බොහෝමයක් දරුවන් ලොකු මහත් වූ පසු
සුඛෝපභෝගී වාහනවල යමින් සුවිශල් මැදුරුවල වෙසෙමින් සුව පහසුවට හිඳිමින් උසස්
නිළතල දරන්නේ අම්මා නිසාය. එය අමතකව ඇයව මහපාරට ඇද දමන දරුවන්ට අම්මා තමා වෙනුවෙන්
කළ මෙහෙය අමතකව ඇත. ඒ අතර සිටින දරු සෙනෙහස නොදත් අම්මලාද මේ සමාජයේ දක්නට ලැබේ.
තම නොදැනුවත්කමට දරුවන් සාදාගෙන ඔවුන් මෙළොව එළිය දක්න්නටත් කලියෙන් විනාශ කර දමන
අම්මලාද සිටී.එවැනි තත්ත්වයක් තිබෙන මෙහොතක දුවේ ඔයා පෙන්වපු දසුන හරිම
සෙනෙහෙබරයි. මොකද අද එවැනි අම්මලා දුලභයි. දුවේ අන්න ඒකයි මව් සෙනෙහස කියන්නේ. තම
දරුවා කුසගින්නේ නොතියා අම්මා නොකා හෝ පාරක් පාරක් ගානේ ගොස් තම දරුවාගේ කුස පුරවන
අම්මලා උත්තරීතරයි. එවැනි අම්මලා දරුවෙකුට මැණිකක්. උතුම් වූ වස්තුවක්.
අම්මේ මට ගොඩක්
හොඳට තේරුම් ගියා අම්මා කෙනෙකුගේ සෙනෙහස.ඒ සෙනෙහස කියලා නිම කරන්න බැ අම්මේ.
බුදුන් වහන්සේත් ඒ නිසාමයි මවකගේ ගුණ මවකගේ වටිනාකම ගැන දේශනා කරලා තියෙන්නේ. මගෙ
අම්මත් මට කවදාවත් කිසිම දුකක් දීලා නැ. මගේ අම්මව නම් රැජිනක් වගේ බලාගන්නවා.
ආදරෙයි අම්මේ ගොඩාක්............. පවනි එසේ කියා මවගේ මුහුණ සිඹ කවුළුව වසා ඇගේ
අතේ එල්ලීගෙනම මුළුතැන් ගෙයට යන්නට විය.
Eththa kathawa
ReplyDelete