Thursday, May 25, 2017

කවුළුව

                 හිමිදිරි පාන්දරම අවදි වූ මා සුපුරුදු පරිදි පියමැන්නේ කවුළුව අභියසටයි. කවුළුව ළගට වී මොහොතක් බලා සිටීම මාගේ දින චර්යාවේ විය. එසේ බලා හිඳපු මට දැකගන්නට ලැබුනේ  සිය දරුවත් කරපින්නා ගෙන වැරැහැල්ලක් ඇඳගෙන ඉතා අමාරුවෙන් ඇවිද යන මවකි. මා තවත් ඕණැකමින් එදෙස බලා සිටියෙමි. මා මාගේ මවට හඬගා එම දසුන පෙන්වන ලදී. එවිට මගේ අම්මා මෙසේ පැහැදිලි  කරන්නට පටන් ගත්තේ ය.
                  ඕවා ඔහොම තමා මගේ දුවේ ඕනම අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් නොවිඳිනා දුක් විඳිනවා. දස මාසයක් තමන්ගේ කුස තුළ හොවාගෙන ආරක්ෂා කරපු සිය දරු සිඟිත්තා මෙළොව එළිය දකින විට  මවක් තරම් සතුටු වෙන කෙනෙක් නැ. බුදුන්ටත් උපත දුන් ඒ උතුම් කාන්තාව ලබන උත්තරීතර පදවිය මව් පදවියයි. කොතරම් දුක් කරදර මැද වුව ද දරුවෙකු පිළිසිඳ ගත් දා පටන් මවක් සිතන්නේ තමා ගැන නොවේ. දරුවාගේ සුවය සැපත නිතරම ප්‍රාර්ථනා කරයි. දිවා රෑ නින්දක් නැතිව සිය දරුවන් වෙනුවෙන් වෙහෙසෙන අම්මා දුක් කන්දරාවක් උසුලයි. මවක් ගැබ් ගත් දා පටන් කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් ගමන බිමනින් ප්‍රවේශම් වුයේ ඇය නිසා නොවේ. ඒ කුසෙහි හොවාගෙන සිටින දරුවා වෙනුවෙනි. ඈ නිතරම බුදුන් අභියස පවා ප්‍රාර්ථනා කරන්නේ දරුවන්ගේ ආරක්ෂාවයි.. යහපතයි. දුප්පත් පොහොසත් කිසිදු භේදයක් නැතිව මේ දාරක ස්නේහය හැම අම්මා කෙනෙක් ළම තිබේ. සිා යදිමින් හෝ තම දරුවා උස් මහත් කරන්නට කුසගිනි නිවන්නට වෙහෙසෙන අම්මලා අනන්තයි අප්‍රමාණයි.  නමුත් අද ඒ මව් සෙනෙහස හුනා නොගෙන සිය මව මහ පාරට හෝ වැඩිහිටි නිවාසයකට ගොස් දමන දරුවන් බහුතරයයි. දරුවන් උස් මහත් වූ පසු ඔවුන්ගේ කාර්යබහුල වීම නිසා හෝ තම තත්ත්වයට සුදුසු මවක් නොවන නිසා හෝ සිය මව එලෙස අසරණ කර දමයි. තමා උපදින්නත් පෙර සිටම තමාට මහෙමරක් තරමට ආදරය කළ වග ඔවුන් දන්නේ නැත.දසකඩ මසක් කුසයේ හොවාගෙන කෙදිනකවත් පුරුෂයෙක් නොවිින ගැහැනියකට පමණක් උරුම වූ ඒ අතිශය වේදනා සහිත වූ ප්‍රසව වේදනාව වි දරුවන්ට මේ ලෝකය දැක බලා ගන්නට සැලැස්වූයේ පුදුමාකාර සෙනෙහසකිනි. අම්මා කෙනෙක් තුළ දරුවෙක් පිළිබ ඇත්තේ අසීමාන්තික ආදරයකි.සෙනෙහසකි. අම්මෙක්ගේ ආදරය කියා නිම කළ නොහැකිය. ඇගේ රක්ත වූ රුධිරය කිරට හැරෙන්නේ ඒ ආදරය නිසාමයි.
මෙය නොවැටහෙන දරුවන් අද සමාජයේ කෙතරම් නම් සිටීද? ඒ වගේම එවැනි මව්වරු ද සිටී. දරුවන් බඩට ආ බව දැනගත් දා පටන් එම කළලය විනාහ කිරීමට මාන බලන අම්මලාද සිටී. එසේ නැත්නම් ටොයිලට් වලක හෝ ගක හෝ පරක හෝ කැලයකට විසි කර දමා යයි. බොහෝමයක් දරුවන් ලොකු මහත් වූ පසු සුඛෝපභෝගී වාහනවල යමින් සුවිශල් මැදුරුවල වෙසෙමින් සුව පහසුවට හිිමින් උසස් නිළතල දරන්නේ අම්මා නිසාය. එය අමතකව ඇයව මහපාරට ඇද දමන දරුවන්ට අම්මා තමා වෙනුවෙන් කළ මෙහෙය අමතකව ඇත. ඒ අතර සිටින දරු සෙනෙහස නොදත් අම්මලාද මේ සමාජයේ දක්නට ලැබේ. තම නොදැනුවත්කමට දරුවන් සාදාගෙන ඔවුන් මෙළොව එළිය දක්න්නටත් කලියෙන් විනාශ කර දමන අම්මලාද සිටී.එවැනි තත්ත්වයක් තිබෙන මෙහොතක දුවේ ඔයා පෙන්වපු දසුන හරිම සෙනෙහෙබරයි. මොකද අද එවැනි අම්මලා දුලභයි. දුවේ අන්න ඒකයි මව් සෙනෙහස කියන්නේ. තම දරුවා කුසගින්නේ නොතියා අම්මා නොකා හෝ පාරක් පාරක් ගානේ ගොස් තම දරුවාගේ කුස පුරවන අම්මලා උත්තරීතරයි. එවැනි අම්මලා දරුවෙකුට මැණිකක්. උතුම් වූ වස්තුවක්.


අම්මේ මට ගොඩක් හොට තේරුම් ගියා අම්මා කෙනෙකුගේ සෙනෙහස.ඒ සෙනෙහස කියලා නිම කරන්න බැ අම්මේ. බුදුන් වහන්සේත් ඒ නිසාමයි මවකගේ ගුණ මවකගේ වටිනාකම ගැන දේශනා කරලා තියෙන්නේ. මගෙ අම්මත් මට කවදාවත් කිසිම දුකක් දීලා නැ. මගේ අම්මව නම් රැජිනක් වගේ බලාගන්නවා. ආදරෙයි අම්මේ ගොඩාක්............. පවනි එසේ කියා මවගේ මුහුණ සිඹ කවුළුව වසා ඇගේ අතේ එල්ලීගෙනම මුළුතැන් ගෙයට යන්නට විය.    

1 comment:

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...