කලා පුරවරයක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්වීමට ප්‍රධාන
සාධකය වූයේ ඈත අතීතයේ සිට මේ දක්වාම පැවැත එන වෙස් මුහුණු කර්මාන්තයයි. අතීතයේ
වෙස් මුහුණු කැටයම්කරුවෝ සුප්‍රසිද්ධ කලාකරුවන්ගෙන් සමන්විත පවුල් කිහිපයකට පමණක්
සීමා වූහ. කාලයාගේ ඇවෑමෙන් මේ වන විට අම්බලන්ගොඩ නගරයේ සහ ඒ අවට පිහිටි සංචාරක
නිකේතන කීපයකම ්මුහුණු කැටයම් කිරීමේ දක්ෂතා හිමි තරුණ කලාකරුවෝ විශාල සංඛ්‍යාවක්
විසිර සිටිති. වෙස්මුහුණු කලාව මෙලෙස නොනැසි ආරක්ෂා වීමට ප්‍රධානම හේතුව වශයෙන්
සැලකිය හැක්කේ සංචාරක ව්‍යාපාරයයි. දිවයිනේ කුමන ප්‍රදේශයක වෙස් මහුණු කලාකරුවන්
සිටියද ඔවුන් කිසියම් හෝ අයුරකින් අම්බලන්ගොඩ වෙස් මහුණු කලාකරුවන්ගේ ආභාෂය ලැබූ
අයෙකු වීම නොරහසකි. ලොව ජන කොටස් විවිධ ඇදහිලි සහ විවිධ සංස්කෘතීන් නිරූපණය කරන
වෙස්මුහුණු භාවිත කළ බවට සාක්ෂි විවිධ හැඩහුරුකම්වලින් සැකසුණු වෙස්මුහුණු එකී
කාර්යයන් උදෙසා භාවිත කර තිබේ.

වෙස් මුහුණු නැටුම්කරු බියකරු පෙනුම වැඩි දියුණු කරනුයේ
වෙස් මුහුණු පැළඳ ගයන විවිධ වූ ගීත, දීර්ඝ වූ යාගහෝම ඉදිරිපත් කිරීමෙනි. යකුන් සහ
ප්‍රේතයන් පළවා හැරීම ඈත අතීතයේ ගම්බද පෙදෙස්වල පැවැති දුර්භිකෂ, රෝගබියවලට ප්‍රදාන
හේතුව වශයෙන් ගම්වැසියන් විශ්වාස කළේ යකුන් සහ ප්‍රේතයන්ගේ බලපෑම ලෙසයි. ප්‍රාග්
ඓතිහාසික යුගයේ ලොව පුරා වෙස් මුහුණු පැළඳි නැටුම්, ගැයුම් අවමංග්‍ය උත්සව සහ
දරුඵල ලබා ගැනීම උදෙසා භාවිත කර ඇත. පාරම්පරික වෙස්මුහුණු කලාකරුවන්ගේ ජීවමාන
නිජබිමක් ලෙස සැලකෙන අම්බලන්ගොඩ නගරයේ ප්‍රධානතම වෙස් මුහුණු කලා සම්ප්‍රදායයන්
දෙකක් ඇත. නැසීගිය ආරියපාල ගුරුන්නාස්සේ වෙස්මුහුණු නාට්‍ය කලාව, වෙස්මුහුණු
නෙළීම, ගීත ගැයීම, යාගහේම තොවිල් ඉගෙන ගෙන ඇත්තේ තම සීයා වන සුප්‍රසිද්ධ කලාකරුවකු
වන ජුවන්වඩු ඔන්දිරිස් ද සිල්වාගෙනි. ජුවන්වඩු ආරියපාල ගුරුන්නාස්සේගේ නැටුම්
සම්ප්‍රදාය හඳුන්වනු ලබන්නේ හිරේවත්ත වෙස් මුහුණු නාට්‍යය සම්ප්‍රදාය ලෙසිනි.
නැසීගිය ගුණදාස ගුරුන්නාස්සේගේනාට්‍යය කලාව හැඳින්වූයේ මහ අම්බලන්ගොඩ වෙස් මුහුණු
නාට්‍යය සම්ප්‍රදාය වශයෙනි. මේ වෙස් මුහුණු කලාකරුවන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ
වෙස් මුහුණක් කඳුරු ලීයෙන් නෙළන විට මානසික සහ ආධ්‍යාත්මික තෘප්තියක් ලබන බවයි. මේ
මානසික සහ ආධ්‍යාත්මික තෘප්තිය වෙස් මුහුණු නෙළීමටත්, වෙස් නැටුම සාර්ථකව රංගනයක්
ලෙස ඉදිරිපත් කිරීමටත් හැකි වන බවයි.
එමෙන්ම වෙස් මුහුණු නෙළන කලාකරුවන් ඔවුන් භාවිත කරන
උපකරණවලට එක්තරා අභිරහස් බලවේගයකින් සමන්විත බවත් ඔවුන්ගේ විශ්වාසයයි. වෙස් මුහුණු
නාට්‍යකරුවන් යකුන්, ප්‍රේතයන් සහ භූතයන් රෝගියාගේ ශරීරයෙන් පළවා හැරීමට හැකි බැව්
ගම්වැසියන් විශ්වාස කරයි.
v රාක්ෂ වෙස් මුහුණ
v නාග රාක්ෂ වෙස් මුහුණ
v ගරුඪ රාක්ෂ වෙස් මුහුණ
v ගරා රාක්ෂ වෙස් මුහුණ
v මහසොහොන් යකා
v ඊරි යකා
v කලු යකා
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මනුෂ්‍යයා ලෙඩ රෝගවලට
ගොදුරු වන්නේ වා, පිත්, සෙම් කිපීමෙන් ඇතිවන තුන්දොස් නිසා බව විශ්වාසයයි. යකුන්ගේ
බලපෑම නිසා මනුෂ්‍යයන්ට වැළඳෙන රෝග යක්දොස්, ප්‍රේතයින්ගෙන් වැළඳෙන රෝග ප්‍රේතදොස්,
භූතයන්ගෙන් ඇති වන රෝග භූත දොස්, ග්‍රහයන්ගෙන් ඇති වන රෝග ග්‍රහදොස්, දෙවියන්
කිපීමෙන් ඇති වන රෝග දෙවුදොස් මෙන් ම තමන් අතින් අතීතයේ සිදු වූ පවු නිසා ඇති වන දොස්
කර්ම දෝස වශයෙන් විශ්වාස කිරීමට ලක්වැසියෝ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පරුදුව
සිටී. වා, පිත් සහ සෙම් කිපීමෙන් ඇති වන තුන්දොස් ආශ්‍රිත රෝග සුවපත් කරගැනීමට
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය විශේසයෙන්ම ගම්බද ජනතාව තුළ පවති.
එමෙන්ම මේ රෝග සමනය කර ගැනීමට භූත විද්‍යා කුම ගැන ද ජනතාව තුළ විශ්වාසයක් පවතින
බවට ගම්බද පුදේශවල අදටත් අකණ්ඩව සිදුවන ශාන්තිකර්ම, ජපකර්ම, යාගහෝම, බලි, මන්ත්‍ර
හූනියම් සහ තොවිල්, දෙහි කැපීම් ආදියෙන් සනාථ වේ.
වෛදික යුගයට ඇදී යන මේ විශ්වාස සහ ඇදහිලි සම්බන්ධව
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අදාළව සම්භාව්‍ය කෘතීන් වන සුශ්‍රැත සංහිතා සහ චරක
සංහිතාවල පවා සඳහන් වේ. මේ සාධකවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය
සංකල්පය සහ භූත වෛද්‍ය ක්‍රමය ආරම්භ වූ කාල වතවානුවල මෙරට වෙස් මුහුණු නිර්මාණයත්,
වෙස් නැටුම් ද ආරම්භ වන්නට ඇති බවයි. මනුෂ්‍යය වර්ගයාට රෝග ඇති කළ හැකි සන්නි
යකුන් 18ක් සිටින බවත් එම යකුන්ගේ සිත් සතන් පින වීමෙන් රෝග 18ක් සමනය කළ හැකි
බවත් වර්තමානයේ පවා ශ්‍රී ලාංකිකයන් විශ්වාස කිරීමට පුරුදුව ඇත. දකුණු මුහුදු
තීරයේ බොහෝ ප්‍රදේශවල වාර්ෂිකව විශාල ජනකායන්ගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් මුළු
මහත් රාත්‍රී කාලයේ සිට පසු දින පහන් වන තුරු දහඅට සන්නිය නැටුම පැවැත්වේ. මෙහි දී
යකැදුරා නොහොත් භූත වෛද්‍යාවරයා බොහෝ විට ගම්බද සාමාන්‍ය පුද්ගලයෙකි. නමුත් යක්
නැටුමට සහභාගී වීමට අවශ්‍ය වූ විට භූත වෛද්‍යාවරයා හෝ යකැදුරා මනුෂ්‍ය ස්වරූපයෙන්
ඈත් වී යකෙකුගේ රෑපය ආරූඪ කර ගැනීමට වෙස් මුහුණක් පැළඳ ගනී. එමෙන්ම රෝගයට අදාළ
සන්නි යකාට නියමිත වෙස් මුහුණ සහ අදාළ ඇඳුම් ආයිත්තම් පැළඳ ගනී. ත්‍රාසය, බිය,
භක්තිය, විශ්වාසය ඇති වාතාවරණයක් ඇති
කිකරීමට අවශ්‍ය යක් බෙර වාදනයත්, යකැදුරා පැළඳ සිටින ගෙජ්ජිවලින් නිකුත් වන
ශබ්දයත් උපකාරී වේ. ගිනිමැල සහ දුම්මල, සුවඳ ව්ලවුන්වලින් ද දහඅට සන්නිය නැටුම
පව්ත්වන ස්ථානය අවට ප්‍රදේශයට වඩා විශේෂ වූ ස්වරූපයක් ගනී. මේ අනුව යකැදුරාට තම
යක්ෂාවේශය ආරූඪ කර ගැනීමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ වෙස් මුහුණු කලාකරුවා
නිර්මාණය කරන වෙස් මුහුණයි. විවිධ රෝගවලට අධිගෘහිත සන්නි යකුන් 18ට එකින් එක වෙනස්
වූ වෙස් මුහුණු නිර්මාණය කිරීමට අම්බලන්ගොඩ බිහි වූ වෙස් මුහුණු කලාකරුවන්ට සිදු
වී ඇත. රෝග ලක්සන නිරූපණය කරන වෙස් මුහුණු 18ක් කඳුරු ලීයෙන් කැටයම් කිරීම හ අදාළ
වර්ණාලේප කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකි. පළපුරුදු වෙස්මුහුණු කැටයම්කරුවන් හට
සන්නි යකුන් 18 ගැනත් රෝග ලක්ෂණ ගැනත් මනා දැනුමක් තිබිය යුතු ය.
කෝලම් වෙස් මුහුණු භාවිත කරනුයේ හාස්‍ය ජනිත කරවීම
උදෙසාය. සමාජයේ දක්නට ලැබෙන විවිධ චරිත උපහාසයට ලක් කිරීමත්, අධිරාජ්‍ය පාලනය
උපහාසයට ලක් කිරීමටත්, කෝලම් නාට්‍ය සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ භාවිත කරයි. අම්බලන්ගොඩ
වෙස්මුහුණු කලාකරුවන් මෙයට අමතරව කෝලම් නාට්‍ය සම්ප්‍රදායට අයත් වෙස් මුහුණු වන
ආරච්චි කෝලම,හේවා කෝලම, සංහ කෝලම, මනමේ කතාව සඳහා අවශ්‍ය වෙස් මුහුණු ද නිර්මාණය
කරමින් සිටී. මේ වන විට අම්බලන්ගොඩ වෙස්මුහුණු නිර්මාණකරුවන්ට නිසි ඇඟයීමක් හෝ
අනුග්‍රහයක් මෙතෙක් ලැබී නැත. ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කිරීමට
අම්බලන්ගොඩ වෙස්මුහුණු කර්මාන්තය සුරක්ෂිත කර ගැනීමට රජය විධිමත් වැඩ පිළිවෙළක්
කරන්නේ නම් මේ පාරම්පරික කලාව තව දුරටත් නොනැසී පවති.
සටහන
අම්බලන්ගොඩ විශේෂ - ඩබ්. ටී. ජේ. එස්. කවිරත්න
No comments:
Post a Comment