ආමිස
සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාව ඉතාමත්
භක්තියාදරයෙන් වෙසක් පොහෝ දිනය සමරයි. සුපුන් සඳ නැගි මේ අසිරිමත් දිනයේ දී උත්සව
පැවැත්වීම ඉපැරණි සම්ප්‍රදායකි. ලොව පුරා සිටින බෞද්ධ ජනතාව ගෞතම බුදුරජාණන්
වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය නම් වූ තෙමඟුල අනුමස්මරණය කරන දිනය වූයේ
වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව වසරින් වසරට මෙම
පොහෝ දිනය වෙනස් වුවද සාමාන්‍යෙයන් එය මැයි මාසයේ යෙදේ. බුදු හිමියන්ගේ තෙමඟුල
සිහිකරන මේ උතුම් දිනය තවත් කිහිප ලෙසකින් ලක්වාසී ජනතාවට වැදගත් වේ. අප ගෞතම බුදු
පියාණන් වහන්සේ බුද්ධත්වයට වසර අටකට පසු ශ්‍රී ලංකාවේ කැලණියට වැඩම කිරීම හා ඒ
පැමිණීමත් සමඟ ම සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව පිළිගෙන සමනල කදු මුදුනෙහි සිරිපතුල
සටහන් කිරීම ද මේ බැතිබර දිනයේ විශේෂත්වයකි. එමෙන් ම විජය කුමරු ඇතුළු පිරිස
ලංකාවට පැමිණීමත්. දෙවන පෑතිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජු ලෙසට දෙවන වරට
අභිෂේක ලබාදීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි
බිම් සකස් කිරීම යන විශේෂ අවස්ථා මෙම පොහෝ දිනයේ දී සිදු විය.
අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය වැනි ආධ්‍යාත්මික සුවය මුල් කරගත් මෙම උතුම්
වූ පොහෝ දිනයේ දී බෞද්ධ ජනතාව තුළ හටගන්නා භක්තිය, ශ්‍රද්ධාව ඉමහත්ය. නමුත් වෙසක්
පුන්සඳ නැඟ ඒමත් සමඟ ඇති වන්නා වූ එම ආධ්‍යාත්මික සුවය වෙසක් සඳ බැස යාමත් සමඟ
තුරන් වී යනු ඇත. වෙසක් සඳ නැඟීමත් සමඟ දානය, ශීලය, පරිත්‍යාගය වැනි කුසල කර්මවල
පිහිටවන ජනතාව එහි බැසයාමත් සමඟ නැවත යථා තත්ත්වයට පත් වේ. දන්සල් දීම, වෙසක් කූඩු
සකස් කිරීම, විවිධ සැරසිලි කිරීම වැනි කටයුතු එකල සිදු කරන ලද්දේ මානසික සුව
ශාන්තිය පතාය. අපගේ ආධ්‍යාත්මික සතුට වෙනුවෙනි. බුදුන් වහන්සේ ද අගය කළේ ආධ්‍යාත්මික
දියුණුවයි. උන්වහන්සේ දේශනා කළේ දානය, ශීලය හා ප්‍රඥාව වැඩි දියුණු කරමින් සිය ආධ්‍යාත්මික
සුඛ විහරණය ළගා කළ යුතු බවයි.
නමුත් අද වන විට බුදුන් වහන්සේගේ අනන්ත වූ ගුණ සිහිපත් කරන ඒ වෙසක් මංගල්‍යය
මුදලට භාර කර හමාරයි. දැන් වෙසක් කූඩු සකස් කරන්නේ තරඟයෙන් ජයග්‍රහණය කිරීමට මිස
එය විඳීමට නොවේ. එසේ ම වෙසක් කාඩ්, බකට්, සරුංගල් හා වෙසක් සැරසිලි යනාදි
සියල්ලක්ම මුදලට විකුණනු ලැබේ. කිසිදු අවබෝධයකින් තොරව කරන්නන් වාලේ කිරීමක් අද
දක්නට ලැබේ. ඒ නිසා ම වෙසක් උත්සවය ද ලාභය උපයන එක් භාණ්ඩයක් පමණක් වී තිබේ. එකල
කුඩා ළමුන් එකතු වී සරුංගල් සකසයි. සිය නිවසේ අලංකරණයට වෙසක් කූඩු සකස් කරයි.
එහෙත්, කියන්නට කනගාටු වුව ද මෙය කිව යුතුව ඇත. අද එලෙස නිවසේ කූඩු සකස් වන්නේ
ඉතාම කලාතුරකිනි. මන්ද කාර්යබහුල ජීවිත දැන් සොයනනේ ක්ෂණිකව පහසුව යමක් කිරීමටය. ඒ
නිසා වෙළඳ සැලෙන් එය මිළ දී ගනී. දැන් මිනිසුන් මෙම පුර පසළොස්වක දිනය සමරන්නේ
තවත් එක් උත්සවයක් ලෙස පමණි. අවට ලෝකයට අප බෞද්ධයන් ලෙස හඳුනාගන්නට හැකි වන සේ වෙසක් කූඩු එල්ලා, බකට්
පත්තු කර එල්ලා, ගමේ හන්දියක් හන්දියක් පාසා දන්සල් ලබා දෙයි. තව ද විලාසිතාවක් සේ
පන්සල් යෑම ද සිදු කරයි. නමුත් අප සැබෑ බෞද්ධයන් දැයි අපවත් නොදනී. මුදල් පසුපස
හඹායන පෘථග්ජන මිනිස් ජීවිත ලෞකික සුවය පමණක් අපේක්ෂා කරන නමුදු ආධ්‍යාත්මික සුවය
පිළිබඳ නොතකයි. අප ලෞකික සුවය පමණක් නොව ආධ්‍යාත්මය සුවපත් කරගැනීමට වෙහෙස විය
යුතුය. ශ්‍රී ගෞතම බුද්ධ ශාසනයේ දී ම නිවන් දකින්නට හැකිවේවා යැයි සිතමින් පිං
පිරිය යුතුය. පව් සෝදා හැරිය යුතුය. කුසල් රැස් කරමින් අකුසලයෙන් ඉවත් විය යුතුය.
එවිට ලෞකික දිවියේ සතුට අපටත් නොදැනිම උදාවන අතර ආධ්‍යාත්මය ද පිරිසිදු වේ. අනන්ත
බුදු ගුණ සිහිකරන උදා වන වෙසක් මංගල්‍යය උතුම් වූ බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා
යැයි ප්‍රාර්ථනා කරමු.
Sadu sadu sadu
ReplyDeleteNiyamai
ReplyDelete