Saturday, May 6, 2017

රූපවාහිනි මාධ්‍යයේ නැඟීම හා එහි සමාජීය බලපෑම



රූපවාහිනි මාධ්‍යයේ ආගමනය සමඟ ගුවන් විදුලියට වඩා හාත්පසින්ම වෙනස් වූ ප්‍රතිඵල සමාජයට අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණි. සමාජ චර්යාවන් වෙනසකට ලක් වූ අතර ජනතාවගේ ක්‍රියාකාරකම් මෙන් ම අවශ්‍යතා වෙනස් වන්නට විය. ජන ජීවන රටාවට නව හැඩයක් එක් කරන්නට විය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පමණක් සීමාවෙමින් ආරම්භ වූ රූපවාහිනි මාධ්‍ය 1982 දී පමණ දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ආරම්භ වන ලදී. රූප පෙට්ටියේ ආගමනයත් සමඟ ගුවන් විදුලිය මාධ්‍ය ජනතාවගෙන් කෙමෙන් කෙමෙන් දුරස් වන්නට විය. අද වන විට රූපවාහිනි නාලිකා රාශියක් බිහි වී තිබේ. මේ සියලු‍ නාලිකා එකිනෙකට අභියෝග කරමින් එකක් අභිබවා එකක් නැඟී සිටීමට තරඟකාරීව ක්‍රියාත්මක වනු දක්නට ලැබේ. මෙහි ප්‍රධානම පරමාර්ථය වී ඇත්තේ ලාභය ඉපැයීමයි. වැඩිම ලාභයක් ලැබිය හැක්කේ වැඩිම ග්‍රාහකත්වයක් ඇති නාලිකාවලට පමණි. එනිසා රසඥතාව හෝ  මාධ්‍යෙයහි සමාජීය වගකීම පිළිබඳ නොසලකා හරිමින් හරසුන් දේ පවා විකාශනය කිරීමට වර්තමාන රූපවාහිනි නාලිකා පෙළඹී තිබේ. හුදු විනෝදාස්වාදය පමණක් ලබා දෙමින් ජනප්‍රියත්වය අත්පත් කර ගැනීමට රූපවාහිනි මාධ්‍ය පෙළඹී තිබේ. මෙමඟින් ප්‍රේක්ෂක ජනතාවගේ රසඥතාවය මොට වී යනු ඇත. රූපවාහිනි විකාශන කාලයෙන් වැඩිම විකාශන කාලයක් වෙන්වන්නේ වෙළඳ අනුග්‍රාහක වැඩසටහන් වෙනුවෙනි. එහි ගුණාත්මක බවට වඩා පවතින්නේ මායාවකි. ආලින්දයේ සිට ලෝකය දැක බලා ගැනීමට අනගි අවස්ථාවක් මිනිසුන්ට උදා විය. නමුත් එමඟින් සිදුවූයේ එකිනෙකා අතර සංවාදයට තිබූ ඉඩ සීමා වීමයි. මුල් කාලීනව රූපවාහිනි යන්ත්‍රය පවුලේ ආඩ්‍යසම්පන්න බව පෙන්වන සංකේතයක් බවට පත් විය.

පවුලට ආභරණයක් වූ රූපවාහිනි යන්ත්‍රය පවුලේ මානව සම්බන්ධතා කෙරෙහි බලපෑම්කාරකයක් විය. පවුලක් ලෙස එකට එකතු වී ආහාර ගත් අවස්ථා ද  විනෝද වූ අවස්ථා මෙන් ම සියල්ල එකට එක්ව පවුලේ ප්‍රශ්න සාකච්ඡා කරමින් කතාබස් කළ අවස්ථා ද මඟහැරී ගොස් ඇත. රූපවාහිනිය නිසා පවුල තුළ සිදු වන ව්‍යුහාත්මක වෙනස්කම් සේම එනම්, විස්තෘත පවුල් ක්‍රමය වෙනුවට ඒකීය පවුල් බිහි වීමත් එමඟින් හුදකලා වන දරුවන්ට අත්දැකීම් සපයන මාධ්‍ය බවට රූපවාහිනිය පත්වීමයි. එමඟින් මුදා හරින තොරතුරු මිනිසුන්ගේ ආකල්පවලට සුවිශාල බලපෑමක් එල්ල කරයි. රූපවාහිනි මාධ්‍ය සන්දේශවල ඉලක්කය වන්නේ කාන්තාවන් හා දරුවන්ය. කාටුන් මඟින් දරුවන්ට එල්ල කරන බලපෑම මෙතකැයි කිව නොහැක. එහි  ත්‍රාසය, භීතිය, වෛරය, ක්‍රෝධය මෙන් ම ලිංගිකත්වය ද ගැබ් වී පවතී. එමෙන්ම කාන්තාවන් ඉලක්ක කරමින් ඉදිරිපත් කෙරෙන රූපවාහිනි ටෙලිනාට්‍යයන්හි ද ගෙනහැර පාන කතාව පමණක් නොව එහි ඇති නිවාස, ගෘහභාණ්ඩ, නළු නිළියන්ගේ විලාසිතා, කතාබහ මෙන් ම යාන වාහන ද යම් සන්නිවේදන කාර්යයක් සිදු කරයි. එය නිවසෙහි සිට නරඹන ගෘහණියගේ මනස විකෘති කරවයි. එමඟින් ප්‍රේක්ෂකයින් තුළ නව ආකල්ප ගොඩනගයි. අපගේ සාමාන්‍ය වැසියන්ද එම නළු නිළියන් අනුකරණය කිරීමට පෙළඹවීමක් ඇති කරයි. ඔවුන් කතාබස් කරන ආකාරය, අඳින පළඳින ආකාරය ද ඔවුන්ගේ හැසිරීම දඅනුගමනය කිරීමට පොළඹවාලීමේ මනා ශක්‍යතාවක් රූපවාහිනියට තිබේ. ජනප්‍රිය තරුවල අනුරුවක් සේ සාමාන්‍ය ජනතාව හැසිරීම වත්මන් සමාජය තුළ දැකිය හැකි ය. කිසිදු සංවේදීතාවක් නොදවන නිමක් නැති කාටුන් සහ යථාර්ථයෙන් තොර මායාවල් මත ගොඩනගන මෙම රූපවාහිනි වැඩසටහන් මඟින් මිනිස් ජිවිත අඳුරේ ගිල්වා තිබේ. මෙම ක්‍රමය වෙනස් විය යුතු ය. මෙමඟින් විය යුතු සමාජීය මෙහෙවර අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැස්විය යුතුය. 




3 comments:

  1. Mulu lokyama ge meda salayata genawahemotama like wate ewidinna Ba eth Ada wenakota wiyadamath kalayath dekama ithuru karagena siyaluma de Rupa peddiyen karagnna tharamata Ada diunu wela nda sis oya me darana weyamata hadpiri thuthi

    ReplyDelete

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...