Saturday, May 6, 2017

ජනප්‍රිය සංස්කෘතිය



සාම්ප්‍රදායිකත්වයට, සිංහල දේශීය සංස්කෘතියට සුවිශාල බලපෑම්කාරකයක් ලෙස ජනප්‍රිය සංස්කෘතිය ආගමනය වී තිබේ. ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ සභ්‍යත්වය අපේකම පරයා ජනප්‍රිය සංස්කෘතිකාංග ඉස්මතු වීම දක්නට ලැබේ. මේ වන විට අපේ යැයි කිවහැකි කිසිවක් අප සතුව නැත. මෙරටේ සාම්ප්‍රදායික සංස්කෘතියට අනුව හැඩගැසී තිබූ ජන විඥානයට ප්‍රබල පහරක් ජනප්‍රිය සංස්කෘතියෙන් එල්ල වී තිබේ. ජනයා සමඟ වැඩෙන්නා වූ හා ජනයා ප්‍රිය කරන්නා වූ දේ ජනප්‍රිය සංස්කෘතිකාංග ලෙස ඉස්මතු වේ. ජනප්‍රිය සංස්කෘතිය අනුකරණය තුළින් තව තවත් වර්ධනය වේ. එය සිදු කරන්නේ මාධ්‍ය හරහය. එහි ප්‍රබල බලපෑම්කාරකය වන්නේ රූපවාහිනියයි. රූපවාහිනි මාධ්‍ය තුළ විකාශය වන ටෙලිනාට්‍ය හරහා මෙය අපූරුවට සිදු කරයි. ටෙලිනාට්‍ය තුළ සිටින නළුවාගේ නිළියගේ ඇඳුම් විලාසිතා, කතාබහ, ගමන බිමන හා ආහාර යනාදි සියල්ල අනුකරණය කරන පිරිසක් අද බිහි වී තිබේ. වෙළඳ ප්‍රචාරණය ද අද සිදු කරන්නේ ජනප්‍රිය පුද්ගලයන් යොදා ගෙනය. ජනප්‍රිය පුද්ගලයන් මේ සඳහා යොදා ගනිමින් සමාජය තුළ එවැනි පුද්ගලයන් මතු කිරීමට උත්සහ කරයි. සිංහල සංස්කෘතියේ කාන්තාවන්ගේ ඇඳුම මේ වන විට අඩ නිරුවත් තත්ත්වයට පත් වී තිබේ. සිංහල කාන්තාවන් අඳිනු ලැබූ ඔසරිය ද අද නව්‍යකරණයට හසු වී තිබේ. එමෙන්ම අපේ යැයි කියූ ආහාර රටාවට ද කණකොකා හඬලමින් සිටී. කොකාකෝලා, මැක්ඩොනල්ඞ්, ෆීසාහට් වෙත එය ගමන් කර තිබේ. දැන් බොහෝ කාන්තාවන්  සිහිනපුරවල ජීවත් වේ. ඉෂිතා, ශිවන්‍යා, ඉෂානි, ස්වප්නාලා මෙන් අපේ කාන්තාවන්ගේ ද කතාබහ, විලාසිතා මෙන් ම ගමන බිමන ද වෙනස් වී තිබේ. ගුවන් විදුලිය වෙත නැඹුරු වී සිටි ජනතාව පසුව රූපවාහිනි මාධ්‍ය වෙත නැඹුරු විය. හඬින් පමණක් නිෂ්පාදන අළෙවිකරණය කළ ද පසුව රූපය මඟින් එය සිදු කරන ලදී. අසන දෙයට වඩා දකින දෙය මතකයේ රැ‍දෙන ප්‍රමාණය වැඩිය. එම නිසා ජනප්‍රියත්වය වඩ වඩාත් ඉස්මතු කරලීමට රූපවාහිනි මාධ්‍ය තෝරා ගන්නා ලදී. සීමිත අවශ්‍යතාවන් කිහිපයක් පමණක්  මානවයාට මුල් කාලීනව තිබුණි. නමුත් කල්යත්ම එම අවශ්‍යතා පුළුල් වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වූ ජනප්‍රිය සංස්කෘතිය මේ වන විට ජන ජිවිත තුළ පවා නව අවශ්‍යතා නිර්මාණය කරන ලදී.  අළෙවිකරණ උපකරණයක් ලෙසින් ක්‍රියාත්මක වන ජනප්‍රිය සංස්කෘතිය ඒ ඒ  කර්මාන්තශාලාවල නිෂ්පාදන අළෙවි කිරීමට අවශ්‍ය වෙළඳපොළ නිර්මාණය කරයි. ඒ සඳහා උපරිම ලාභ ලබාගැනීමට ජන මාධ්‍ය භාවිත කරයි. පියවි සිහිය මඳකට නවතා යම් යම් දේ කිරීමට පුද්ගලයා පෙළඹවීම ජනප්‍රිය සංස්කෘතියෙන් සිදු කෙරේ. මේ වන විට සංස්කෘතිය හා ජනප්‍රිය සංස්කෘතිය වෙන්කර හඳුනාගත නොහැක. අප අද වන විට සංස්කෘතිය ලෙස හඳුන්වන්නේ මාධ්‍ය මඟින් මවා පාන  ජනප්‍රිය සංස්කෘතියම වේ. අපේ යැයි දෙයක් ශේෂ වී නොමැති මේ රට තුළ අප නිරායාසයෙන්ම ජනප්‍රිය සංස්කෘතියේ කොටස්කරුවන් බවට පත් වී තිබේ.



3 comments:

  1. Janappriya sanskrutiya aniwarya deyak eka bawitha Karana kramayai weradi janapriya sanskrtiya natinm Sri lankawa sanwaradanaya wemin pawatina ratakma wewi api methanin issarahata ynnannm JANAPPRIYA SANSKRUTIYA athyawasya angayak kiyalai mamanm kiyanne sister

    ReplyDelete

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...