Saturday, May 6, 2017

සැටර්ඩේ රිවීව් පුවත්පතෙහි සමාජ බලපෑම


                

                නව මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සේම මුද්‍රිත මාධ්‍යයක් වන පුවත්පතට ද විශාල සමාජ බලපෑමක් කිරීමට හැකියාවක් පවතී. ප්‍රවෘත්ති, ජායාරූප, තීරු ලිපි, කතුවැකි, විශේෂාංග සහ ඡායාරූප යනාදි සෑම අංගයකින්ම සමාජයට බලපෑමක් එල්ල කිරීමට තරම් හැකියාවක් පුවත්පතට පවතී. පුවත්පතෙහි පළවන එක් ඡායාරූපයක් මඟින්  සුවිශාල සමාජ බලපෑමක් කිරීමට තරම් සක්‍යතාවක් පුවත්පතට ඇති බව මුලින්ම සඳහන් කිරීම මැනවි. සැටර්ඩේ රිවීව් පුවත්පත තුළින් ද සුවිශාල සමාජ බලපෑමක් එල්ල කරන ලදී.
                        මෙම පුවත්පත තුළින් සමාජයට එල්ල වූ බලපෑම කෙතරම් ද කිවහොත් එය ආරම්භ වූ මොහොතේ සිට එහි පැවැත්ම එක් වර්ෂයක් පමණි. සැටර්ඩේ රිවීව් පුවත්පත ඉංග්‍රීසි මාධ්‍යයෙන් සතිපතා පළ වූ ටැබ්ලොයිට් ප්‍රමාණයේ පුවත්පතකි. 1982 දී යාපනය දිස්ත්‍රීක්කයේ ආරම්භ කරන මෙම පුවත්පතේ ප්‍රථම මුද්‍රණය 1982 ජනවාරි 30 සිදු කරන ලදී. නමුත් ශ්‍රී ලංකා රජය විසින් 1983 ජූලි 1 දින හදිසි නීතිය යටතේ මෙය තහනම් කරන ලදී. මෙදිනට පසුදින පොලීසිය විසින් මෙම පුවත්පත් ආයතනයට සීල් තබන ලදී. මෙම පුවත්පත එතරම් ඉක්මණින් තහනමට ලක් වූයේ එමඟින් සමාජයට එල්ල කරන ලද බලපෑම සියුම් නොවන නිසාය.
                         මෙම පුවත්පතේ පළමු කතෘ ලෙස කටයුතු කළ එස්. සිවනායගම් මෙම පුවත්පත තහනම් කිරීමත් සමඟ ඉන්දියාවේ තමිල්නාණ්ඩුවට පැන යන ලදි. එනම්, 1983 සැප්තැම්භර් මාසයේ දී  ඛඔඔෑ ත්‍රස්තවදින්ගේ සහය ඇතිවය.  නමුත් නැවත ී්එමරා්හ ඍැඩසැඅ පුවත්පත 1984 අප්‍රේල් මාසයේ දී ගාමිණි නවරත්න විසින්  මිළදී ගන්නා ලදී. එහෙත් එය නැවත 1988 ජූනි 25 තහනම් කරනු ලැබී ය. සැටඬේ රිවීව් පුවත්පතේ පළ කළ වාර්තා කිහිපයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බව නිගමනය කරමින් එය තහනම් කරන ලදී.
                      එම ලිපි කියවීම හේතුවෙන් සුළු ජාතික තරුණ පිරිස් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොමු විය හැකිබව කියවුණි. ඒ 1983 කළු ජුලියේ සිදුවීම් දාමය ආරම්භයට හරියටම මාසයකට පෙරය. එම නිසා එවකට පැවැති අදහස වූයේ 83 කළු ජුලියේ සිදුවීම් දාමය ආරම්භයට මෙම පුවත්පතේ පළ වූ වාර්තා හේතු සාධක වූ බවයි. විශාල ලෙස තරුණ පිරිස් ප්‍රචණ්ඩත්වයට යොමු කරවීමට සමත් වාර්තා මෙහි නිතර පළ විය. මෙම පුවත්පත තුළින් සිංහල හා ද්‍රවිඩ ජාතීන් අතර මිත්‍රත්වයේ පාලමක් ගොඩනගමින් සිටින බවත්, උතුරේ ජීවත් වන පුරවැසියන්ගේ ඇසින් වෙනත් කිසිදු මාධ්‍යයක් සිදු නොකළ මට්ටමින් ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කළ බවත් ප්‍රකාශ වුව ද එහි සත්‍යතාවක් දැකගත නොහැකි ය. මන්ද? මෙම පුවත්පතේ පළමු කතෘ ලෙස කටයුතු කළ එස්. සිවනායගම් මෙම පුවත්පත තහනම් කිරීමත් සමඟ ඉන්දියාවේ තමිල්නාණ්ඩුවට පැන යන්නේ  ත්‍රස්තවදින්ගේ සහය ඇතිවය. එබැවින් අපට එළඹිය හැකි නිගමනය වන්නේ මෙම පුවත්පත දැඩි ලෙස  ත්‍රස්තවදින්ට සහයෝගය ලබා දී ඇති බවයි. එමඟින් අනෙකුත් සමාජ වැසියන් බොහෝ පීඩාවන්ට ගොදුරු වන්නට ඇත. එම බලපෑම 83 කලු ජූලිය සමයේ සිදු වූ විනාශයෙන්  මැනවින් පෙනි යන කරුණකි. රටක අනාගතය වන තරුණ පිරිස් සිය දහස් ගණනින් අමු අමුවේ විනාශ කරන්නට ද ඔවුනගේ සිත් සතන්හි ප්‍රචණ්ඩකාරි හැඟීම් ජනිත කරන්නට ද මෙම පුවත්පත සහය වී ඇති බව කිවමනා ය. සරසවි සිසුන්ගේ සරසවි සිහිනය බොඳ කරමින් ජාතිවාදය, ප්‍රචණඩත්වය මෙන් ම කෲරත්වය ඉස්මතු වන්නට පටන් ගත් එම යුගය සිහිපත් වන විට පවා බිය මුසු හැඟීම් ආරුඪ වේ. එතරම් දැඩි ලෙස සමාජයට බලපෑම් කිරීමට මෙම පුවත්පත ද යම් අයුරකින් උපකාර වී තිබේ.
                            රටක ප්‍රධාන අරමුණක් වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමයි. නමුත් මෙම පුවත්පත රටෙහි ජාතික ආරක්ෂාවට මෙන් ම පැවැත්මට තර්ජනයක් විය. මෙය ආරම්භ වන්නේ ම මෙරට ජාතීවාදී කෝලාහල පැවැති සමයකයි. මෙහි බහුල වශයෙන් පළ වූයේ ඛඔඔෑ ත්‍රස්තවදින්ට පක්ෂපාතී අදහස් ඇතුළත් වන වාර්තාවන් ය. එමඟින් ජාතීවාදී අදහස් ස්ඵුට කිරීමට උත්සහ ගෙන ඇති බව ද කියැවේ. තව ද මානව හිමිකම් ගැන නිතර වාර්තා වන මෙහි ද්‍රවිඩයන්ගේ මූලික අයිතිවාසිකම් ගැන ද වාර්තා විය. ඇතැම් වාර්තා වල තොරතුරු ඛඔඔෑ ත්‍රස්තවදින්ට වාසි සහගත වූ අවස්ථාවන් ද වේ. 1983 දී ඉතා අමානුෂික පුවත් පවා වාර්තා කරන ලදී. මෙමඟින් අනෙකුත් සමාජ කණ්ඩායම්වලට එල්ල වන බලපෑම අති මහත්ය. එක් කොටසක් විශේෂ කරමින් පුවත් වාර්තා කිරීමේ දී අනෙකුත් කණ්ඩායම් තුළ ද්වේෂ සහගත මෙන් ම වෛරී අදහස් මතුවීම සාමාන්‍ය කරුණකි. එවැනි පුවත් හරහා ගෙන එන්නේ ජාතීවාදී හැඟීම් විනා අන් කවරක් ද? ඉතා අමානුෂික පුවත් පවා වාර්තා කරන මෙම පුවත්පත සමාජය තුළ ආත්මාර්ථකාමී පිරිසක් නිර්මාණය කරන්නට සමත් විය. මෙහි සමාජ බලපෑම රට ලෙයින් නැහැවීමට තරම් සමත් වූවක් විය.
                           උදාහරණ කිහිපයක් ගෙන බැලීමේ දි උක්ත කරුණු මනාව අවබෝධ කරගත හැකි ය. “ඔන් විත් ද සර්කස්” නමින් 1982 මාර්තු 27 දින සැටඬේ රිවීව් පත්‍රයේ කතුවැකියක් පළ විය. එම සටහනේ විශාල වශයෙන් අන්තර්ගත වූයේ ජේ.ඇල් ප්‍රනාන්දුගේ ලංකාවේ අගමැතිවරු තිදෙනෙක් යන පොතෙන් හා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් එන්. කර්නිගේ 1967 ලංකාවේ දේශපාලනයේ ජාතිවාදය හා භාෂාව යන පොතෙන් උපුටා ගත් කොටස් ය. මෙම ලිපිය ඉතා බැරැරුම් එකක් විය. තව ද “සෙල්බෝන් නැවත නැඟී සිටී” යන ශීර්ෂ පාඨය යටතේ 1985 අගෝස්තු මස 10 දිනැති සැටඬේ රිවීව් පත්‍රයේ පළ වූ ලිපියක මෙසේ සඳහන් විය. “හොඳයි ලලිත් ද්‍රවිඩ ප්‍රශ්නයට විසදුම මොකක්ද? අපි මිනිසුන් විනාශ කරන්න යනවා. ඔහු කීවේ ය.” එමෙන් ම 1982 අගෝස්තු 28 වන දින පුවත්පතේ වාර්තාවේ එක් ස්ථානයක මෙසේ සඳහන් විය. “ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට ලැබෙන සෙතක් නැහැ.” යනුවෙන් පළ වන ලදී. මෙහි ගැබ් වී ඇත්තේ ජාතික මාමකත්වයයි. මෙම කුඩා වැකියකින් මහා සමාජ පෙරළියක් කළ හැකි බව ඔවුන් නොසිතන්නට ඇත. නමුත් මෙම පුවත්පත තුළින් සිදු වූ සමාජ බලපැම සුළු පටු නොවේ. ඉහත කරුණු සියල්ලෙන්ම පෙනී යන්නේ මෙම පුවත්පත සමාජය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් එල්ල කළ බවයි. අහිතකර බලපෑම්කාරකයක් ලෙස කැපී පෙනුන මෙම පත්‍රය එනිසාම ඉක්මණින් ම තහනමට ලක්විය. උක්ත අදහස් තුළින් එම කරුණෙහි සත්‍ය අසත්‍යතාව මනාව පසක් වේ. 
     

6 comments:

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...