සංස්කෘතිය හුදෙක් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන්නකි. දෙමාපියන් තම දරුවන් මත ආරෝපණය කරනු ලබන සංස්කෘතික අංගයන් ඔවුන් තම දරුවන් වෙත ආරෝපණය කරනු ලැබීමෙන් සම්ප්‍රේෂණය වේ. සමාජ විද්‍යාත්මක අර්ථයෙන් ගත් කල සංස්කෘතිය යනු පොදු දෙයකි. මිනිසාට තනි තනිව එහි කිසිවක් අත් කරගත නොහැකිය. සංස්කෘතිය සමාජයේ නිර්මාණයක් වන අතර මිනිසාගේ අවශ්‍යතා මත සංස්කෘතිය ද නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වේ. එය සංස්කෘතික පරිණාමයයි. සෑම සමාජයකම සංස්කෘතිය කාලයෙන් කාලයට වෙනස්වීම්වලට භාජනය වී ඇත. සංස්කෘතිය තුළ අන්තර්ගත කරුණු රාශියක් ඇත. භාෂාව, ආගම, සිරිත් විරිත් හා නීතිය ආදී සියලු දේ සංස්කෘතියේ අංග වන අතර ඒවා එකිනෙකින් විනර්මුක්ත කළ නොහැකිය. සියලු කොටස් එකිනෙකට බද්ධ වී ඇත. සමාජයෙන් තොර සංස්කෘතියක් නැති සේම සංස්කෘතියෙන් තොර සමාජයක් ද නැත. මීට අමතරව සමාජය තුළ මෙම කාර්යයට උරදෙන විවිධ සමාජ සංස්ථාවන්ද දැකිය හැකිය. ආර්ථිකය, විවාහය, ආගම වැනි මෙම විවිධ සංස්ථා එකිනෙකට වෙනස් කාර්යයන් සිදුකරන අතරම විවිධත්වයෙන් යුතු සංස්කෘතික ලක්ෂණ ද පෙන්නුම් කරයි. මිනිස් සමාජයේ ක්‍රියාත්මක වන්නා වූ විවිධත්වයෙන් යුතු යම් ක්‍රියා පිළිවෙලක් ලෙස දැක්විය හැකි ය. සෑම සමාජයකටම සංස්කෘතියක් හිමි වේ. එම සෑම සංස්කෘතියක්ම එකිනෙකින් වෙනස්වන අතරම එකිනෙකට අසමාන වේ. කෙසේ නමුත් මේ සියලු අසමානතා අතර පොදු සමානතාවන්ද ඇති බව ඒ පිළිබඳ සමීප අධ්‍යයනයකදි පෙනේ. සෑම සංස්කෘතියක් තුළම මිනිසා වැදුම් පිදුම් කරමින් තමාට අනන්‍ය වූ ආගමක් අදහයි.එම ආගම එකිනෙකාගෙන් වෙනස්වන බව සත්‍යයකි. නමුත් ඔවුන් සියලුදෙනාටම ආගම නැමැති පොදු සංකල්පයක් ඇත. එසේම සෑම සංස්කෘතියක් තුළම ඒවාට ආවේණික වූ සිරිත් විරිත් සම්ප්‍රදායන් උත්සව වැනි අංගයන් ඇති අතර ඒවා සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් ලක්ෂණ පෙන්නුම් කළ ද පොදුවේ සියලුම සංස්කෘතීන්ට මෙය උරුම වේ.
අන්තර් සංස්කෘතිය යනු එකිනෙකට වෙනස් සංස්කෘතීන් තුළ ජීවත් වන මිනිසුන් එම සංස්කෘතීන් තුළ පවතින සංස්කෘතික ලක්ෂණවල විවිධත්වය නොතකමින් ඔවුනොවුන් අතර සන්නිවේදනය සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමේ විෂය ක්ෂේත්‍රයයි. එක් සංස්කෘතියක තිබෙන ලක්ෂණ තවත් සංස්කෘතියක් හා මිශ්‍රවීම අන්තර් සංස්කෘතියයි. අන්තර් සංස්කෘතිය මෙලෙසද පෙන්වාදිය හැකිය. අන්තර් සංස්කෘතිය යනු එක් සංස්කෘතියක පවතින සිරිත් විරිත් ඇදහිලි විශ්වාස කලාශිල්ප නීති සදාචාර හා ඇබ්බැහිකම් යන මේ කරුණු එක එල්ලේ හෝ වක්‍රාකාරයෙන් ගමන් කිරීමත් එම සංස්කෘතියේ පවතින ඉහත කී ලක්ෂණ අඩු වැඩි වශයෙන් තවත් සංස්කෘතියකට පිවිසීමයි.
බි්‍රටැනිකා විශ්වකෝෂයට අනුව ආගම යනු “Human beings relation to that which they regard as holy sacred spiritual or divine ” යන්න දක්වා තිබේ.
ඇමරිකානු සමාජ විද්‍යාඥ ක්ලිෆඞ් ගීර්ට්ස් ආගම යන්න මෙසේ දක්වා තිබේ. “A system of symbols which acts to establish powerful pervasive, and long-lasting moods and motivation in men by formulating conception of general order of existence and clothing these conception with such an aura of factuality that the moods and motivation seem uniquely realistic.”
මෙම නිර්වචන බොහොමයක විශ්වාසයන්, දිව්‍යමය, පූජනීය සහ ආධා්‍යාත්මික යන වචන භාවිත වේ. ආගම, ජාතිය, සංස්කෘතිය වැනි සමාජ විද්‍යාත්මක සංකල්පවලට සපිරි නිර්වචන ලබාදීම නිෂ්ඵල කරුණක් වේ. අප සමාජයේ පවත්නා විවිධ දේවල පොදු ගුණයන් ඇති දේ වෙන් කොට වෙනම සංකල්පයක් ලෙස හඳුනා ගත හැකිය. ආගම එවැන්නකි. ආගම් ලෙස අප නම් කරන, හඳුනා ගන්නා දේවල පොදු ලක්ෂණ සමුදායක් ඇත. ඒ ලක්ෂණ යමක වේ නම් එය ආගමක් ලෙස අපි හඳුනා ගනිමු. ලෝකයේ සම්මත ආගම් 4,200ට අධික ප්‍රමාණයක් ඇති බව ඇස්තමේන්තු කොට ඇත. එම ආගම් පහත අයුරින් වර්ගීකරණය කර ඇත.
ආබ්‍රහිමික ආගම් - ක්‍රිස්තියානිය, ඉස්ලාමය, ජුදාගම
ඉන්දු-ආර්ය ආගම් - හින්දු, බුද්ධාගම, ජෛනාගම, ෂික් ආගම
ඈත පෙරදිග ආගම් - තාඕයිසමය, කොන්ෆියුසියසමය
පැරණි ලෝකයේ ආගම් - අප්‍රිකානු ලතින් ඇමරිකානු සම්ප්‍රදායික ආගම්, ආදීවාසීන්ගේ ආගම් සහ ලෝකයේ එවන් විවිධ පැරණි බහු දේවාගම්
නූතන ආගම් - 19 සියවසින් පසු බිහි වූ ආගම්
ආගම්වල පොදු ලක්ෂණ කීපයකි. එනම්,
විශ්වාස පද්ධතියක් තිබීම
සංස්කෘතික පද්ධතියක් තිබීම
සදාචාරමය හර පද්ධතියක් තිබීම
සහ පුද්ගලයන් පිරිසක් සමූහයක් වශයෙන් එකට බැඳුනු මෙකී පද්ධති තුනකට අනුගත වීම සහ ඒ ආශ්‍රයෙන් ආයතනයක් සංස්ථාපනය කර ගැනීම තුළින් ආගමක් බිහි වෙයි.ආගමක් සංස්ථාපනය සඳහා පුද්ගල කාර්යභාරයද වැදගත් වේ. පැරණි ලෝකයේ ආගම් හැර අනෙකුත් ආගම් බිහිව ඇත්තේ යම් ශාෂ්තෘවරයෙකුගෙන් පසුවයි. ඇතැම් ආගම්, ආගම් ලෙස සංස්ථාපනය වන්නේ ශාෂ්තෘවරයාගෙන් බොහෝ කලකට පසුවයි.
ආගම හා අන්තර් සංස්කෘතිය
ලෝකවාසී සියලු දෙනා කුමන හෝ ආගමක කොටස්කරුවෝ වෙති. මෙය නිත්‍ය ලෙස සමාජගත නොවූ පරිසරයක පවා දක්නට ලැබේ. ඒ අනුව මිනිසා ලොව පහළ වූදා පටන් තම ආධ්‍යාත්මික දියුණුව පතා විවිධ ඇදහීම්වල නිරත විය. උදාහරණ ලෙස ගස් ගල් වන්දනාව, ඉර හඳ වන්දනාව, ලිංග වන්දනාව, සත්ත්ව වන්දනාව ආදී නොපෙනෙන බලවේගයන් ගෞරව භක්තියෙන් වන්දනාමාන කරන ලදී. මේ අනුව බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ජෛන ආගම, මුස්ලිම් හා කතෝලික ආදී විවිධ ආගම් ලොව බිහි වූ අතර ඒ ඒ ආගමට ආවේණික දර්ශනයන් ඇදහීමට මිනිසා පෙළඹුණි. මෙම එක් එක් ආගම්වල ලෝකයේ බිහිවීම පිළිබඳ අග්ගඤ්ඤ සුත්‍රයේ දක්වා ඇත. හින්දු ආගමට අනුව ලෝකය නිර්මාණය කළේ මහාබ්‍රහ්මයා විසිනි. කිතුනු දහමට අනුව දෙවියන් විසින් ලෝකය නිර්මාණය කර ඇත. එමෙන්ම විවිධ ආගම් තුළ කර්මය පිළිබඳ විවිධ මතවාද දක්නට ලැබේ. බෞද්ධයින් හා හින්දු ආගමිකයින් පුනර්භවය පිළිබඳ විශ්වාස කරන අතර මුස්ලිම් හා කතෝලිකයින් පුනරුත්ථාපනය පිළිබඳ විශ්වාස කරයි. එමෙන්ම ආගම තුළ අන්තර් සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කරන තවත් ප්‍රධාන සාධකයක් නම් ආගමික උත්සවයන්ය. ඒ අනුව බෞද්ධයෝ සම්බුද්ධ උපත, බුද්ධත්වය, පරිනිර්වාණය මුල් කරගනිමින් වෙසක් උත්සවය පවත්වති. හින්දු ආගමිකයෝ දීපවාලී උත්සවය ආලෝක පූජාවක් ලෙස පවත්වති. ක්‍රිස්තූන් නත්තල් උළෙල ජේසුතුමාගේ උපත මුල් කරගනිමින් පවත්වති. මුස්ලිම් භක්තිකයන් රාමසාන් උළෙල ආගමානුකූලව පවත්වති. එමෙන්ම අලුත් සහල් මංගල්‍ය, කාර්තික් මංගල්‍ය, පෙරහැර පැවැත්වීම විවිධ ආගමිකයන්ගේ එකමුතුවෙන් පවත්වති. මේ සියල්ල තුළ අන්තර් ආගමික සංස්කෘතික සබඳතා රැසක් දැකගත හැකිය.
එමෙන්ම විවිධ ඇදහිලි හා විශ්වාස තුළින් පෙනෙන්නේ ද අන්තර් සංස්කෘතික සබඳතාවයන්ය. බුදු දහමට අනුව ලෝක සත්ත්වයින්ගේ හිත සුව පිණිස දස පාරමිතා පුරා බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයින් දුකින් මුදවා ගැනීමේ අරමුණින් බුද්ධත්වය සාක්ෂාත් කොට මිනිසාට දුකින් මිදීමට මඟ කියාදුන් අතර කිතුණු දහම හා ඉස්ලාම් දහම අනුව මිනිසා වරදින් මුදවා ගැනීමට දෙවියන් වහන්සේගේ නියෝජිතයන් ලෙස කිතුණු දහමේ ජේසුස්තුමාද මුස්ලිම් දහමේ නභිතුමාද හැඳින්විය හැකිය.එමෙන්ම කිතුණු දහමේ පැරණි ගිවිසුම හා නව ගිවිසුම නමින් දහමේ ප්‍රධාන කොටස් දෙකක් ඇති අතර පැරණි ගිවිසුම මුස්ලිම් ජාතිකයන් තම ආගම ලෙස අදහන අතර කිතුණුවෝ අදහන්නනේ නව ගිවිසුමයි. මේ සියල්ල තුළ ඇත්තේ සංස්කෘතික වශයෙන් ආගමික මිශ්‍රණයකි. වන්දනාමාන ගත්තද පොදුවේ සියලු දෙනා මුස්ලිම් හැර පිළිම වන්දනා කරති.
ආගමික සංකේත ගත්තද බෞද්ධාගමට අනුව ධර්ම චක්‍රය ප්‍රධාන ආගමික සංකේතය වේ. ඒ තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්නුම් කරයි. කිතුණු දහමේ ප්‍රධාන සංකේතය කුරුසය වන අතර හින්දු භක්තිකයන් ත්‍රිශූලය ප්‍රධාන සංකේතය ලෙස සලකයි. ඉස්ලාම්වරු අඩසඳ හා තරුව ප්‍රධාන සංකේත වශයෙන් භාවිත කරයි. මේ සෑම සංස්කෘතියක් තුළම සමානතා හා අන්තර් සංස්කෘතික ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ. එමෙන්ම ආගමික ඇඳුම් පැළඳුම් ගත්ත ද, ඇඳුම් යනු සංස්කෘතියේ මූලික සාධකයක් වන අතර සංස්කෘතිය පිළිබිඹු කරන්නකි. එකී ඇඳුම නිර්මාණය වන්නේ එම සංස්කෘතියේ ආගමික පසුබිම මුල් කරගෙනය. බෞද්ධයින් සුදු වර්ණයට මුල් තැනක් දෙමින් තම ඇඳුම් නිර්මාණය කර ගන්නා අතර කිතුණු හා මුස්ලිම් ජාතිකයින් කලු වර්ණයට මුල් තැනක් ලබාදෙයි. නමුත් අද වන විට විවිධ සංස්කෘතීන් අතර අන්තර් හුවමාරුව ඔස්සේ සියලු ආගමිකයන්ගේ ඇඳුම් එකිනෙක මිශ්‍රවීම මත ඇඳුම් නිර්මාණය වන නිසා ඔවුන් අයත් වන්නේ කුමන ආගමට දැයි නිශ්චය කර ගැනීමට අපහසු වී ඇත. මේ ආගමික ඇඳුම් පැළඳුම් අතර ද අන්තර් සංස්කෘතික ලක්ෂණයන් දැකිය හැකිය. ආගමික සිද්ධස්ථාන වෙත අවධානය යොමු කිරීමේ දී ඒ හා බැඳි අන්තර් සංස්කෘතික ලක්ෂණ රැසකි. බෞද්ධයින්ගේ මූලික සිද්ධස්ථානය පන්සල වුවද අද වන විට බොහෝ පන්සල්වල දේවාල දැකිය හැකිය. දේවාල යනු හින්දු ආගමිකයන්ගේ ප්‍රධාන සිද්ධස්ථානයකි. මීට අමතරව හින්දු භක්තිකයන් කෝවිල ප්‍රධාන කරගන්නා අතර කිතුණුවන් හා මුස්ලිම්වරුන් පල්ලිය ප්‍රධාන කරගනී. කෙසේ වෙතත් විදේශ ආක්‍රමණ හා විවිධ හේතූන් මත බෞද්ධ සිද්ධස්ථානයන්හි වෙනත් ආගමික අන්තර් සංස්කෘතික ලක්ෂණ රැසක් දැකිය හැකිය. මේ අනුව සංකල්පමය වශයෙන්, ඇදහිලි හා සිරිත් විරිත්, ආගමික පුදපූජා ආගමික උත්සව මෙකී සියලු කාරණා තුළ දැකිය හැක්කේ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් වේ.
ආගමික උත්සව තුළින් නිරූපණය වන අන්තර් සංස්කෘතික ලක්ෂණ
සංස්කෘතිකාංග උතර ආගමට හිමිවන්නේ මූලික ස්ථානයකි. මානව සමාජය ශිෂට සමාජයක් කිරීම උදෙසා එහි දායකත්වය ප්‍රබල වේ. කෙසේ හෝ ආගම යනු ජන කොටසක් පොදුවේ පිළිගත් වහ වහා කඩිනමින් වෙනස් නොවන සාපේක්ෂව ස්ථාවර බවක් පෙන්වන ඇදහිලි, විශ්වාස හා අභිචාරයන් වේ. ඒ ඒ සංස්කෘතීන්ට අනුව ආගම් ගොඩනැගී අතර සංස්කෘතික පෝෂණයෙහිලා විශාල කාර්යභාරයක් ද එමඟින් ඉටු කෙරේ. මෙහිලා ආගමික උත්සව කැපී පෙනෙන අංගයකි. ලංකාව තුළ මූලික වශයෙන්
බෞද්ධ
හින්දු
ක්‍රිස්තියානි
ඉස්ලාම්
යන ආගම් ස්ථාපිතව පවතින අතර ඒ තුළ ජාතීන් යන පදනමකුත් පවතී. විශේෂයෙන්ම මේ එක් එක් ආගම්වලට වෙන් වූ ආගමික උත්සවයන් ද පවතින අතර ඒවා තුළින් ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයන් ද මනාව නිරූපණය වේ. ආගමික උත්සව යන්න ගත් විට ඒ තුළ ඇදහිලි විශ්වාස මත ගොඩනැගුනු ඒවා මෙන්ම එක් එක් විශේෂිත සිදුවීම් අළලා ගොඩනැගුනු උත්සවද වේ. ඒ අනුව ඒ ඒ ආගමට අදාළව දැකගත හැකි උත්සව පිළිබඳ මූලිකව විමසා බලා පොදුවේ මේ ඒවා තුළ දැකගත හැකි අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනාගත හැකිය.
බෞද්ධ
බෞද්ධ ආගමට විශේෂිතව මූලිකවම සමරනු ලබන උත්සවය වන්නේ වෙසක් උත්සවයයි. ලොව පුරා බෞද්ධ ජනතාව බුදු තෙමඟුල පදනම් කරගනිමින් එය පැවැත්වේ. බුදුන් වහන්සේගේ ජිවිතය සම්බන්ධ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම හා පරිනිර්වාණය සිහි කරමින් ඉතාමත් භක්තියෙන් සමරනු ලබයි. දන්සල් පැවැත්වීම බෝධිපූජා පහන් පූජා අභය දාන පූජා ශ්‍රමදාන පැවැත්වීම පහන් කූඩූ තොරන් සල්පිල් ආදිය මෙහිලා සිදු කෙරේ. විශේෂයෙන්ම මෙම උත්සවය පැරණි බාරතයෙන් ක්‍රි.ව 2 වන සියවසේ දී පමණ මෙරටට ලැබුණු බව පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ දක්වා තිබේ.ලංකාවට වරින් වර එල්ල වූ විදේශ ආක්‍රමණ හේතුවෙන් මෙම උත්සවය තුළ වෙනත් සංස්කෘතික ලක්ෂණයන් ද ගැබ්ව තිබේ.
විනෝද සල්පිල් පැවැත්වීම යන්න යුරෝපීය සමාජ තුළ දැකගත හැකි මූලික ලක්ෂණයක් විය. ලංකාවට වරින් වර සිදු වූ විදේශ ආක්‍රමණයන්ගේ බලපෑමත් එයට බලපාන ලදී. ඒ අනුව මාරක ළිඳ අනෙකුත් විනෝද ක්‍රීඩා නිදසුන් වේ.
පහන් පූජාව බෞද්ධයන් සිදුකරන අතර එය ඉන්දියානු ආගමික විධිවලින් පැමිණ ඇත. ඒ අනුව මෙහි දී ආලෝකය වන්දනාමාන කිරීම යන කාරණාව සෑම ආගමික උත්සවයකම පාහේ හඳුනාගත හැක. ඒ අනුව අද වන විට මෙම වෙසක් උත්සවය තුළ අන්තර් සංස්කෘතිමය ලක්ෂණ දැකගත හැකිය.
හින්දු
දීපවාලී
ඔක්තෝම්බර් මාසයේ අගභාගයේ හෝ නොවැම්බර් මුල දින 4ක් පුරා මෙම උත්සවය පැවැත්වේ. ඉන්දියාවේ හා මැලේසියාවේ හින්දූන් පමණක් නොව පංචාලවාසී ශීක්වරු ද සමරති. මෙය ඔවුන්ගේ අලුත් අවුරුද්ද සේ සලකන අතර ආලෝක පූජාවට මුල් තැනක් හිමි වේ. සිංහල අලුත් අවුරුද්ද සේම සමාන වූ චාරිත්‍ර වාරිත්‍ර මොවුන් ද ඉටු කෙරේ. විශේෂයෙන් ගණුදෙණු කිරීම අලුත් අවුරුද්දට පෙර ස්නානය කර රසකැවිලි සාදා අසල්වාසීන් අතර බෙදාහදා ගැනීම ආදිය සිදු කරයි. මෙය සිංහල අවුරුද්ද හා සමීප සම්බන්ධතා දක්වන අතර රාමා සීතා යුගයේ සිට පැවැත එන බව ඔවුන් විශ්වාස කරයි. මෙවන් සමාන උත්සවයක් වගු රටේ මළවුන්ගේ අවුරුදු දිනය සැමරීම වශයෙන් සිදු කරයි.
තෛපොංගල්
සූර්ය වන්දනාව මුල් කොට ගෙන ද්‍රවිඩ ජනතාව පවත්වන උත්සවයක් වන මෙය හිරු මකර රාශියට ප්‍රවිශ්ට වීම මුල්කොට ගෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වේ. මෙහි දී සිංහල අලුත් අවුරුද්දේ මෙන් ම ඵලාපල විස්තර ද කියනු ලබයි. මේ දිනවල දී හින්දුන් අලුයම භජන් ගී ගායනා කරමින් පෙරහැරක් ගමන් කරයි. කෘෂිකර්මාන්තය හා බැඳුණු මෙම උත්සවයේ දී අලුත් සහල් දෙවියන්ට පූජා කරයි. එමෙන්ම නිවෙස්වල මිදුලේ කෝලම් රටා ඇදීමත් කැපී පෙනෙන ලක්ෂණයකි. තවද පසු දින ගවයින් නාවා පිරිසිදු කර කෘතගුණ සලකනු වස් පට්ටිප් පොංගල් සමරති. එහිදී හිරු දෙවියන් හා ඊශ්වර දෙවියන් පිදීම සිදු කරති.
ඉස්ලාම්
රාමසාන්
ඉස්ලාමිකයන්ට වැදගත්ම මාසය රාමසාන් මාසයයි. සිංහල දෙමළ ක්‍රමයට මෙන් ම ඔවුන්ටද මොහර්මේ සෆර් ආදී වශයෙන් මාස පවතින අතර එහිලා රාමසාන් මාසය ඉතා වැදගත් වේ. මෙය හජ්ජි උත්සවය ලෙසත් හඳුන්වන අතර අල්ලාහ් දෙවියන් ඉස්ලාම් ධර්මය සහිත අල්කුරානය නභි නායකතුමන්ට ලබාදීම නිමිති කොටගෙන මෙය සැමරේ. එහිදි හජ්ජි උත්සවය ද වැදගත්ය. මේ මාසයේ විශේෂ දිනයක් ලෙස ලයිලක්කුල් කදීර් දිනයේ ද ීඑම ධර්මය දේශනා කර ඇති බව සැලකේ. ඒ අනුව ඉස්ලාම් භක්තිකයන් මෙම මාසය තුළ යම් වෘතයකට ඔවුන්ව යොමු කෙරේ.
ක්‍රිස්තියානි
ප්‍රධානම උත්සවය වන්නේ නත්තලයි. මෙය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම මූලික කොටගෙන පවත්වන උත්සවයකි. එහිදීත් වෙසක් උත්සවය සේම උන්වහන්සේගේ උපත ද මෙහි දී තොරණ් ආදියෙන් නිරූපණය කරයි. ලෝකයේ යුරෝපියානු රටවල සෑම වසරකම දෙසැම්බර් 24 වන දින නත්තල උත්සවශ්‍රීයෙන් සමරන අතර සාමයේ පණිවිඩය බෙදා හැරීම යන්නද ඒ තුළ අර්ථවත් කර ඇත.
මෙම මූලික ආගමික උත්සවවලට අමතරව
අලුත් සහල් මංගල්‍ය
කාර්තික් මංගල්‍ය
පෙරහැරවල් පැවැත්වීම
වැනි උත්සව කෙරේ ද මෙහිලා අවධානය යොමු කළ හැකිය.
අලුත් සහල් මංගල්‍ය
විශේෂයෙන්ම අලුත් සහල් මංගල්‍ය යන්න ගත් විට එය සෑම ආගමකම යම් යම් වෙනස්කම් සහිත වුව ද දැකගත හැකිය. බෞද්ධයින් සේම හින්දු භක්තිකයන්ද මෙම උත්සවය සමරනු ලබයි. අප අලුත් සහල් මංගල්‍ය ලෙස හඳුන්වන අතර ඔවුන් තෛපොංගල් ලෙස එය හඳුන්වයි.
බෞද්ධයින් බුදුන් හා දෙවියන් පිදීමක් මෙහි සිදු කරන අතර හින්දූන් දෙවියන් පිදීම හා මීට සමගාමීව ගවයින්ට කෘතගුණ සැලකීමක් කරයි.
මෙහිදී පළමු අස්වැන්න ගෙන ඉතාමත් පිරිසිදුව කිරි උතුරුවා සකසන කිරිබත් බුදුන්ට හා දෙවියන්ට පිදීම සිදු කරයි.
මෙය සිංහල සංස්කෘතියට පැමිණ ඇත්තේ මිහිඳු හිමියන් ලක්දිවට පැමිණීමෙන් ඇති වූ පුනර්ජීවනය හේතුකොට ගෙනයි. ඒ අනුව පැරණි භාරතීය ගොවි සංස්කෘතියෙන් උරුම වූවකි.
එය තහවුරු වනුයේ හින්දූන් හා බෞද්ධයින් මෙහි දී කරනු ලබන වතාවත් සහ භාවිතා කරන දේවල් මෙන් ම අවසාන අපේක්ෂාව සශ්‍රීකත්වය නැමැති කාරණාව වේ.
හින්දූන් පූජා කරනු ලබන දේවල් මෙවැනිම පූජා භාණ්ඩ හා පිළිවෙත් බෞද්ධයින් ද භාවිත කෙරේ. සෑම ආගමකම දෙවියන් පිදීම හා සශ්‍රීකත්වය වැනි කාරණා මින් අපේක්ෂා කෙරේ. පරාර්ථකාමීත්වය, සංවරභාවය, කෘතගුණ සැලකීම හා පරිත්‍යාගශීලිත්වය වැනි මානව විද්‍යාත්මක වටිනාකම්ද මෙයින් අර්ථවත් වේ.
කාර්තික් මංගල්‍ය
මෙය ඉල්මස පුන් පොහෝ දින පැවැත්වෙන පහන් පූජාවක් ලෙස හැඳින්වේ. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන්ගේ ආගමික උත්සවයක් වශයෙන් ආරම්භ වූ මෙය බෞද්ධයින්ට උරුම වී ඇති අතර ආලෝක පූජාව මූලිකාංගය වේ. බ්‍රහ්ම, විශ්ණු, ශිවාදී දෙවිවරුන් වෙනුවෙන් මෙය සිදු කරනු ලැබේ.
පෙරහැරවල්
ඒ ඒ ආගම්වල පෙරහැරවල් පැවැත්වීමත් දැකගත හැකිය. ඒවායින් මූලිකවම දෙවියන් හා බුදුන් වන්දනාමාන කිරීමක් සිදු කෙරේ. මෙතුළ පැහැදිලිවම අන්තර් සංස්කෘතික ලක්ෂණ හඳුනා ගත හැකිය. විශේෂයෙන්ම සෑම බෞද්ධ සිද්ධස්ථානයකම දේවාලයක් පවතින අතර පෙරහැරවලදී මේ මිශ්‍රවීම දැකිය හැකිය.
දළදා පෙරහැර
කතරගම පෙරහැර
තේරු
කෝවිල් මුල් කරගත් පෙරහැරවල්
මඩු මංගල්‍ය පෙරහැර
පොදුවේ ගත්කල ලංකාව තුළ පවතින ආගමික උත්සවවලට දකුණු ඉන්දීය හා යුරෝපීය ආභාෂයක් ලැබී තිබෙන බවක් දැකගත හැකිය. එයට හේතුව වනුයේ
මහින්දාගමනය
දුමින්දාගමනය
වරින් වර සිදු වූ සංක්‍රමණ හා ආක්‍රමණ
ආවාහ විවාහ
ආදියේ බලපෑම බව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී හඳුනාගත හැකි ය. ආගම ගැන සාකච්ඡා ආදී ලෙස සෑම ආගමකම පෙරහැරවල් පැවැත්වීම දැකගත හැකිය. මේ සෑම එකක් තුළම සමාන ලක්ෂණ මෙන් ම අන්තර් සංස්කෘතික ලක්ෂණ ද දැකගත හැකිය. පොදුවේ ගත්කල මේ ආගමික උත්සවවල අන්තර් සංස්කෘතික ලක්ෂණ පහත පරිදි ගොනුකර ඇත. එනම්,
විශේෂයෙන් ම වෙසක් උත්සවය, නත්තල, දීපවාලී, හජ්ජි යනාදී උත්සවවල පහන් පත්තු කිරීම, දන්සල් පැවැත්වීම, දාන ශ්‍රමදාන පැවැත්වීම දැකගත හැකිය.
තොරණ් ප්‍රදර්ශනය ඉන්දියානු ආභාෂයෙන් මෙරට ආගමික උත්සවවලට පැමිණ ඇති අතර වෙසක්, පොසොන් උත්සවවල දි මෙන්ම නත්තල තුළදීත් දැකගත හැකිය.
දන්සල් පැවැත්වීම ද සෑම ආගමක ම උත්සවවලට සමගාමීව සිදු කරන්නකි.
සෑම උත්සවයක්ම ආලෝකය වන්දනාමාන කිරීමක් මූලික කොටගෙන ගොඩනැගී තිබෙන අතර එය මේ සංස්කෘතීන්ට එක් වී තිබෙනුයේ ඉන්දීය ආභාෂයෙනි.
අලුත් සහල් මංග්‍යයේ දී බෞද්ධයින් කිරිබත් ලෙසත් ඒවා හඳුන්වයි.