ලංකාව මේ දිනවල මුහුණ දෙමින් ඉන්නේ හිතකර කාලගුණ
තත්ත්වයකට නොවේ. තිස් වසරක් පුරා බිහිසුණු යුද්ධයකට මුහුණ දී හෙම්බත් වූ මිනිසා නව
පණක් ලබමින් සිටින කාලයේ එයට සොබාදහම හරස් විය. මීතොටමුල්ල කුණු කන්දට මිනිසුන්
අමු අමුවෙන් ඇදගෙන ගොස් තුන්මසක්වත් යන්නට වූයේ නැත. අරණායක සාමස්සර කන්ද නාය ගොස්
ද වැඩි කලක් ගතවූයේ නැත. නැවැත මිනිස් කඳුළු දකින්නට සොබාදහම ප්‍රිය කළේය. අධික ග්‍රීෂ්ම
වූ නියං සමය නිමාවෙමින් විවිධ ප්‍රදේශවලට වැසි ඇද වැටුනේ ජනතා මුවඟට සනහාවක්, නව
බලාපොරොත්තුවක් ගෙන එමිනි. නමුත්, ප්‍රෙද්ශ කිහිපයකටම මෙම නොනවත්වා ඇද හැලුනු
වර්ෂාව ගෙන ආවේ දුක හා ශෝකය ජනිත කරවන හැඟීම්ය. මෙම විපතින් සිදු වූ මරණ සංඛ්‍යාව
බහුතරයකි. ජිවිත හානි, දේපල හානි කොතෙක් දැයි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම අපහසුය.
වෙනදා මෙන් ම සුපුරුදු ලෙස නිදි පැදුරට ගිය අගලවත්ත
වැසියන් නව පැතුම් ගොන්නක් කරපින්නා ගෙන නව දවසක ආරම්භයක් සිත්හි තබාගෙන තිබුණි.
නොසිතු මොහොතක ඇද හැලුනු අනෝරා වැස්ස නිසා ගං වතුර තත්ත්වයක් ඇති විය. මෙසේ ආපදාවට
ලක් වූ සංඛ්‍යාව විශාලය. නිවාස ජලයෙන් යට තමන්ට උන්හිටි තැන් පවා අහිමි වී යන්නට
විය. දෙමහල් නිවාසවල එහි වහල මට්ටම දක්වා යට වී ගොස් තිබුණි. ඇතැම් පිරිස් ගස් උඩ
පවා නඟිමින් තම දිවි රැකගැනීමට වෙර දරා ඇත. ඇතැම් ප්‍රෙද්ශවල පස් කඳු කඩාගෙන ගොස්
තිබුණි. ගංගා පිරී උතුරා යන්නට විය. 2004 සුනාමි තත්ත්වයෙන් පසුව ඇති වූ නැවැතත්
විශාල ගං වතුර තත්ත්වයක් මේ අවුරුද්දේ මෙලෙස ඇති විය.

මෙසේ ආපදාවලින් පීඩාවට පත් ජනතාව බේරා ගැනීමට දෙවිවරුන්
සේ ඔවුන් පැමිණෙන්නට ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව
යන ත්‍රිවිධ හමුදා නිළධාරීන් ඒ උදාර සේවයට එදා වගෙම අදත් කැප වී කටයුතු කළ ආකාරය
අප දෑස් ඉදිරිපිටම දක්නට ලැබුණි. සාමාන්‍ය වැසියන්ගේ දිවි බේරාගැනීමට කවදත් පසුබට
නොවී ඉදිරිපත් වන ත්‍රිවිධ හමුදාව මානුෂීය මෙහෙයුම් දියත් කර තිබුණි. අට පාස්
එවුන් යැයි හංවඩු ගසමින් සිටි ඒ ශක්තිවන්තයින් නොවන්නට මේ තරම්වත් මිනිසුන්ගේ දිවි
ගලවා ගැනීමට නොහැකි ය. යුද කාල සීමාවේ සිටම ඔවුන් අහසින් බට දෙවියන් සේ ශ්‍රී
ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලදී.තම දිවි පරදුවට තබමින් අනෙකා වෙනුවෙන්
වෙහෙසවෙන ඔවුන් මිනිසුන්ට නොව සමකළ හැක්කේ දෙවියන්ටය. උගත් බුද්ධිමත් යැයි
පාරම්බාමින් ඒ වීරවරයින් අටපාස් නූගතුන් යැයි නන්දොඩවන උන්හට ඒ අභීත ලක් දරුවන්
දේවතාවුන් සේ අදවත් පෙනුනේ නම් එය කෙතරම් අගනේ ද? ඔවුන්ගේ ජිවිතය ගැන නොසලකා අසරණ
වූ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් දිවා රැ නොබලා වෙහෙසි එයටම කැප වූ ඔවුන් රටකට
අපමණ අගයකි. ගං වතුරට, පස් කඳුවලට යට වූ ජිවිත සොයා ඔවුන් බේරා ගැනීමට ගිය ගුවන්
හමුදා සෙබලෙක් පවා මරණයට පත් විය. ගංවතුරට එවැනි දුක් කඳුළු මුසු වී සැඟවී ගියේ ය.
එහෙත් මෙම වීරෝදාර රණවිරුවන්ගේ ගුණ එසේ ගසාගෙන යාමට ඉඩදිය නොහැකිය. ඔවුන් කළ මෙහෙය
කැපවීම අකුරු කරන්නට නොහැකිය. සිය රටවැසියන් වෙනුවෙන් පෙරට එන අභීත රණවිරුවාණෙනි
අප ඔබට සදා ණයගැතිය. ජාතිභේද, ජන්ම භේද, කුලමලභේද නොතකමින් සියලු වැසියන වෙනුවෙන්
ඉදිරියට එන්නේ නුඹ මිස අන් කවරහුද? ජනතාවට අත්‍යවශ්‍ය මොහොතේ ඔවුන්ව තනි නොකරමින්
ඔවුන් ළඟින්ම සිටින එකම මිහිපිට දෙවියන් නුඹයි. රණවිරුවාණෙනි ඔබට අපගේ උත්තමාචාරය.
Eththa nangi.pelak unta penne 8 pas aya kiyala.but apitanam mihipita deviyo
ReplyDeleteOw nda
ReplyDelete