අද කවුළුවෙන් අපි කතා කරන්න යන්නේ සුපිරි චරිතයක් ගැන.
ඇය නමින් ජූලියා විජේසිංහ ය. ජූලියා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිට ලංකාවේ අපූරත්වය ලෝකයට රැගෙන යාමට සොඳුරු කෞතුකාගාරයක් නිර්මාණය කළ ඇය වයසින් කුඩා විය. වයසින් බාල
වුවත් ඇයගේ අපූරු හැකියාව ගැනයි අපි මේ කතා කිරීමට සූදානම් වෙන්නේ.
ජූලියා ඇගේ කෞතුකාගාරය ගැන මුලින්ම හැඳින්වූයේ මෙහෙමයි.
මගේ කෞතුකාගාරය නම් කරලා තියෙන්නේ “Sri
Lankan Art & Culture Museum NY” කියලා. ඒක තියෙන්නේ ඇමරිකාවේ පළවෙනි ශ්‍රී ලාංකික රෙස්ටුරන්ට් එක පටන්
ගත්තේ මගේ තාත්තා. රෙස්ටුරන්ට් එක පහළ තට්ටුවේ තමයි කෞතුකාගාරය තියෙන්නේ. ලංකාවේ හැම
ආගමක්ම, හැම සංස්කෘතියක්ම, ජීවන රටා වගේ ලංකාව හා බැඳුණු හැම විස්තරයක්ම කෞතුකාගාරයේ තියෙනවා. මේ අවුරුද්දේ මාර්තු 27
තමයි මේ කෞතුකාගාරය පටන් ගත්තේ. මම ඉපදුනේ නිව්යෝක්වල ක්වින්ස් කියන පැත්තේ. මට
අවුරුදු 3 ඉඳන් හැම අවුරුද්දෙම ලංකාවට එනවා. ඒ ආවාම ලංකාවේ ගොඩක් තැන්වල ඇවිදිනවා.
ඒ ගියාම තමයි ගොඩක් දේවල් හොයාගන්නේ. මගේ තාත්තා ඉස්සර ඉඳන් ලංකාවේ දේවල් එකතු
කරන කෙනෙක්. ගෙදරත් හරියට කෞතුකාගාරයක් වගේ. මමත් තාත්තාගෙන් තමයි එකතු කරන්න
පුරුදු වුනේ. තාත්තා තමයි මට නිතරම ලංකාව ගැන කියා දෙන්නේ. මටත් ඕණී වුනා ඇමරිකාවේ
ඉඳන් ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න. ඒ නිසා තමයි මගේ තාත්තාගෙන් ඇහුවේ මට මෙහෙම
කෞතුකාගාරයක් පටන් ගන්න පුළුවන්ද කියලා. නමුත් නීත්‍යානුකූලව ඒක කරන්න අවුරුදු 18
වෙනකම් ඉන්න වුනා. ඒ අනුව තමයි ලංකාවෙන් තව බඩු ගෙනල්ලා මේ අවුරුද්දේ පටන් ගත්තේ.
මේ කෞතුකාගාරයට ප්‍රතිචාර ලැබිලා තියෙන විදිහත් ඈ විස්තර
කරයි. නිව්යෝර්ක්වල මේ ගැන මාධ්‍ය හරහා ගොඩක් කතා බහට ලක් වුණා. නිව්යෝර්ක්වල
නගරාධිපතිතුමන් මං ගැන ලියලා තිබුණා. මගේ ඇමරිකාවේ යාළුවෝ නම් කියනවා එයාලා පුංචි
කාලේ ඉඳන්ම මම මේ වගේ දෙයක් කරයි කියලා එයාලා හිතුවලු. ඇමරිකාවේ ප්‍රධාන කෞතුකාගාර
තියෙන්නේ නිව්යෝර්ක්වල. හැබැයි මේ වගේ වෙන
රටක කෞතුකාගාරයක් නිව්යෝර්ක්වල පළවෙනි වතාවට හැදුවේ මම. ගොඩක් අය මෙතනට එනවා.
ලංකාව ගැන දැනගන්න ආසාවට. ඒ ආවාම අපි මේ තැන්වලට ගිහින් තියෙනවා කියලා මතක් කරගන්න
අය වගේම ලංකාව බලන්න යන්න ඕනී කියලා තීරණය කරන අයත් ඉනන්වා.ඒ වගේ ම මේ හරහා ලංකාව
ගැන ගොඩක් අය දැනගන්නවා. ඒක ලොකු සතුටක්. මට ඕනි ලංකාව මේ වගේ කියලා ලෝකෙටම
කියන්න.
ජූලියා මේ කෞතුකාගාරය පටන්ගද්දී ආව අභියෝගවලට මුහුණ දීලා
තියෙන්නේ මෙහෙමයි. ලෝකේ හැම තැනින්ම ගොඩක් අය යන එන තැනක මේ වගේ කෞතුකාගාරයක් කරන
එක තමයි මට තිබුණ ලොකුම අභියෝගය. හැබැයි දැන් මාස 3ට ආසන්න කාලයක් තිස්සේ කරන නිසා
මට දැන් වගකීමක්, අවබෝධයක් තියෙනවා. ඒ වගේම මෙහෙ මිනිසුන්ගේ සහයෝගය ගොඩක් ලැබෙනවා.
ඒ දේවල් එක්ක මං ධෛර්යමත් වෙනවා.
ජූලියා ශ්‍රී ලංකාව ගැන හිතන්නනේ මෙහෙමයි. මම ලංකාවේ
ඉතිහාසයට, සංස්කෘතියට ගොඩක් ආසයි. ලංකාවට ආවම ඒ ගැන අධ්‍යයනය කරනවා. මම හැම
අවුරුද්දෙම අනුරාධපුර ශ්‍රී මහ බෝධියට එහෙම යනවා. මට සිංහල කියවන්න බැහැ. ඒත් මම
සංහල අකුරු ලියන්න කැමැතියි. ඒ වගේම මං ලංකාවට යන හැම වතාවෙම අලුත් දෙයක් ඉගෙන
ගන්නවා. මගෙ ඇමරිකාවේ යාළුවෝ පවා දැන් කන්නේ එක අතකින් ලංකාවේ වගේ. එයාලත් ගොඩක්
කැමැතියි ලංකාවේ සංස්කෘතියට. ලංකාවේ ඉන්න ගොඩක් අයට හැම තිස්සෙම දකින නිසා ලංකාව
ගැන ලොකුවට වටිනාකමක් තේරෙන්නේ නැතුව ඇති. ඒත් ලංකාවෙන් පිට ඉන්න අපිට ලංකාව ගැන ලොකු
වටිනාකමක්, ආදරයක් දැනෙනවා. මං නම් දකින්නේ මං වගේ පොඩි කෙනෙක්ට පිට රටක ඉඳන් මේ
වගේ දෙයක් කරන්න පුළුවන් නම් ලංකාවේ අයටත් ලංකාවේ ඉදන් මේ වගේ ගොඩක් දේවල් කරන්න
පුළුවන්. ඒ වගේ ම මං කැමැතියි කියන්න ලෝකේ කොහේ උන්නත් ලංකාවේ අපි හැමෝම එකතුවෙලා
ඉන්න ඕනී. අනිත් කෙනෙක් ගැන හිතන්න ඕනී. තමන්ගේ රට වෙනුවෙන්, රටේ මිනිස්සු
වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියලා. මොකද අපි කරන දේවල්වලින් තවත් කෙනෙක්ගේ ජිවීතේට
පුංචිම හරි සතුටක් ගේන්න පුළුවන් නම් ඒක වටිනවා.
අරුණි කළුපහන විසින් දිනමිණ දි Y අතිරේකයට
ලියන ලද මෙම ලිපිය ලංකාවේ අපිට වැදගත් කියලා හිතුණා. අපි ලංකාව වගේ සුන්දර රටක
ඉඳගෙන මොනාද කරන්නේ. අපි අපේ රට විනාශ කරනවා. පිටරැටියන් ඒක තවත් ලස්සන කරන්න
උත්සහ කරනවා. අපි ඉන්නේ කොහෙද කියලා මේ ලිපිය කියවද්දී හිතට දැනෙනවා.
(උපුටා
ගැනීමකි.)
No comments:
Post a Comment