හිසට සෙවණ අහසයි ගේ ඉඩමි නැත
ගතට සව්ය බත් පිඩකිය බොජුන් නැත
හිතට තනිය දැනුනත් වෙන කෙනෙක් නැත
බල්ලෙක් ඇව්ත් මගේ තනියට ළඟින් ඇත
හිටියා එදා මහගෙදරක උජාරුවෙන්
කෑවා රස බොජුන් යහමින් නිරන්තරෙන්
සැම්යා නැති උනත් දරුවන් සිටියේ ළඟින්
දැනුනේ නැත එවිට තනිවෙයි කියා සිතින්
පොලියට සල්ලි දුන් මම අද හිඟා කමින්
යනවා මහ පාර දිග දුක් කඳුන්‍දා බොමින්
දරුවන් සිටී නඩු හබ ගැන කතා වෙමින්
අමිමා මතක නැ උන් දැන් නිතීවරුන්
පෙවිවා මගේ රතු රුධිරය කිරට කරන්
කැවිවා රස බොජුන් කුසගිනි සඟව ගම්න්
උන්දත් නැති උනා මා පෙර කරපු පවින්
අත්වුනෙ මහ මඟය ඉන්නට සදා සොවින්
මහ මඟ කොනක රැඳිලා රැය පහන් කලේ
එතනයි මගේ ජිවිතයම ගමන් කලේ
පුටු දෙක තුනක වැල් ගොතමින් දිවි ගෙවුනේ
ඉල්ලාගත් දෙයක් කා සිත සතුටු කලේ
දවසින් දවසින් ගත වී කාලය ගෙවුනේ
කිසිවෙකු සොයා ආවෙි නැත මා දන්නේ
ඔහුවත් සිටියා නමි නැත මා තනිවෙන්නේ
බල්ලෙකු පමණි මගේ තනියට ළඟ රැඳුනේ
No comments:
Post a Comment