
“හෝපළු, මුරුත, පලොල්, අගිල්, නා, අරලිය, වැනි පුෂ්ප වෘක්ෂයන්ගෙන් සැදුම් ලත් නෙක විසිතුරු මේ පුෂ්ප උද්‍යානයේ පොකුණුවල ඉතාමත් අලංකාර කණක පැහැයෙන් යුත් මත්ස්‍ය විශේෂයක් සිටින නිසා මේ උයන රන්මසු උයන නමින් ප්‍රසිද්ධ විය. අනේක විධ තුරුලතාවන්ගෙන් ද අලංකෘත මේ පුෂ්පයන්ගෙන් ද මෙම උද්‍යානය පූර්ණය වී තිබේ.”


වෙස්සගිරි ශිලා ලිපියේ විස්තර වන ආකාරයට තිසා වැවේ බැම්මට පහළින් පිහිටා ඇති පොකුණුවලට ජලය ගෙන යන ගඩොලින් තැනූ ඇළ මාර්ග ද අනුරාධපුර රජවරුන් පරිභෝජනය කළ උයන මඟුල් උයන හෙවත් රන්මසු උයන ලෙසය.” මෙය අක්කර 40 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති උයනකි. රන්මසු උයනේ ව්‍යාප්ති ප්‍රදේශය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මෙහි උතුරු දෙසින් මිරිසවැටි විහාරය දක්වා ද, දකුණු දෙසින් ඉසුරුමුණි විහාරය දක්වා ද, බටහිරින් තිසා වැවේ වැව් තාවුල්ල දක්වා ද, විසිරි පැතිරී ඇති බව මහාවංශ ටීකාව සඳහන් කරයි. නැගෙනහිර ප්‍රදේශයේ කිසිදු ආරාමයක් නොතිබූ නිසා රන්මසු උයනේ ව්‍යාප්තිය වැඩි දුරටත් නැගෙනහිර ප්‍රදේශය කරා පැතිරී ගිය බවට පුරාවිද්‍යාත්මක නටඹුන් සනාථ කරයි. මෙම උයන සුන්දරත්වයෙන් හෙබි මනරම් පරිසරයකින් යුක්ත වි තිබේ. ඉතා විශාල භූමී භාගයක පිහිටා ඇති මෙම උයන පරිසරයට එක් කරන ලද්දේ චමත්කාරයකි.
මෙම නිර්මාණයේ ආරම්භය කවර දවසක සිදු වූවා ද යන්න අවිනිශ්චිත ය. නමුත් පුරාවිද්‍යාඥයන්ගේ අදහස වන්නේ මෙම උයනේ ගොඩනැගිලි බොහෝමයක් ක්‍රි.ව 9-10 සියවස්වලට අයත් වූවක් බවයි. උද්‍යානයේ සැලැස්ම අනුව මෙහි ඉදිකිරීම් කලින් කලට ක්‍රමිකව සිදු වී ආකාරයක් දැකිය හැකි ය. කෙසේ නමුදු මෙම උයන දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිට අනුරාධපුර රාජධානියේ අවසානය දක්වා රාජ්‍ය හෙබ වූ රජුන්ගේ විනෝදකාමී ජිවිතයේ සුඛ විහරණය සඳහා භාවිතා වූවක් බව මහාවංශ ටීකාවේ සහ පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත.
මෙම උයනේ සැලැස්ම පිළිබඳව අපගේ අවධානය යොමු කරන විට පුරාණ කලාකාමීන්ගේ කලාත්මක කුසලතාවය පිළිබිඹු වේ. මෙම උයන පාරිසරික සුන්දරත්වය විදහාපාන්නකි. ඒ සඳහා පුරාණ කලාකරුවා උපයුක්ත කරගනු ලබන්නේ පොකුණ සකස් කිරීමට යොදා ගන්නා වූ භූමී ප්‍රදේශයයි. ඉතා මනරම් වූ භූමියක් තෝරා ගන්නා ඔවුන් මෙම උයනට ජලය සපයා ඇත්තේ තිසා වැවේ මොහොල්නග නම් සොරොව්වෙනි. මෙම ශිලාමය පොකුණු පද්ධතිය කරා තිසා වැවේ සිට ජලය රැගෙන එන්නේ අඩි 2650 තරම් දිග ගඩොලින් නිර්මාණය කළ විවෘත කාණු පද්ධතියකිනි. එම සොරොව්වේ සිට දකුණු අතට ගලා යාමට තනා ඇති ජල මාර්ග දිගේ එන ජලය පොකුණට මැදි කොට තැනූ කෙලගෙය නම් ගෘහය ද එතැනින් ඇතුන් දිය නාන කැටයමින් යුත් පොකුණට ද එය පසු කර ඊට දකුණින් පිහිටි විශාල පොකුණට ගලා ගිය අයුරු දිස් වේ. එසේ ම මෙම පොකුණු එකිනෙකට එකක් පොළොව යටිනුත් මතුපිටිනුත් සම්බන්ධ කොට ඇත්තේ වර්තමාන තාක්ෂණය පවා අභිබවා යාමට තරම් කලාත්මක නෛපුණ්‍යතාවයක් හෙළ කලාකරුවාට තිබූ බව විශද කරවමිනි. මේ පොකුණු පිළිබඳව ගවේශණයක යෙදුණු එච්.සී බෙල් මහතා පවසනුයේ මෙම පොකුණුවල ජල මාර්ග පද්ධතිය මිනිස් සිරුරේ ස්නායු පද්ධතියට සමානකමක් උසුලන බවයි.
මෙවැනි අතිවිශිෂ්ට සියුම් කලාවක් නිර්මාණය කරන්නට තරම් අතීත හෙළ විරුවාට තිබූ නෛසර්ගික කෞෂල්‍ය මෙමඟින් ස්ඵුට කරන අතර ඔවුන්ගේ එම නිර්මාණය ස්වාභාවික පරිසරයට එක් කරන ලද අපූරත්වය කියා නිම කළ නොහැකි ය. එමෙන් ම ශිලා පොකුණු ආසන්නයේ ගල්කුළුණු දෙකක් යා කොට ගල් පුවරු අතුරා ඒ මත සකස් කරන ලද ගොඩනැගිල්ලක අවශේෂ අදට ද දක්නට ලැබේ. එම ගොඩනැගිල්ල අසල ඇති ස්වාභාවික පාෂාණ උද්ගත සකස් කොට නිර්මාණය කරන ලද කුඩා ලෙන් කිහිපයක් දැකිය හැකි ය. එහි එක් ලෙනක බිත්තියක නෙලා ඇති සියුම් රේඛා සහිත සංකේත චක්‍ර හෙවත් විශ්ව චක්‍රය ලෝකප්‍රසිද්ධ නිර්මාණ අතරට ගැනේ. මෙම කලාකෘතියේ තවත් විශේෂිත ලක්ෂණ ගණනාවක් තිබූ බවට ශේෂව පවතින නෂටාවශේෂ සාක්ෂි සපයයි.
රන්මසු උයනේ අපගේ අවධානය යොමු කිරීමේ දී කාගේ වුව ද චිත්ත ඒකාග්‍රතාවයට හසු වන්නේ වීරප්‍රසිද්ධ අමරණීය පෙම් පුවත සාලිය අශෝකමාලා ප්‍රේම වෘත්තාන්තයයි. දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමාරයා චණ්ඩාල කුලයෙහි උපන් රූමතිය වූ අශෝකමාලාවන් ප්‍රථම වරට නෙත ගැටෙන්නේ මෙම රන්මසු උයනේ දී ය. රන්මසු උයනෙහි පොකුණුවලට ජලය සැපයූ තාක්ෂණය පොකුණුවල නිර්මාණශීලිත්වයට නොදෙවෙනි ය. රන්මසු උයනෙහි පොකුණු පිහිටා ඇත්තේ තිසාවැචේ ජල මට්ටමේ සිට අඩි තිහක පමණ පහතිනි. එනිසා තිසා වැවට යාබදව පිහිටිය ද සෘජුවම විවෘත ඇළ මාර්ගයක් ඔස්සේ ජලය ලබාගැනීම කළ නොහැක්කකි. මෙනිසා තිසා වැවේ සිට දිවෙන ජල උමං පද්ධතියක් ඔස්සේ ජලය ලබා ගත් බවට සිතිය හැකි උවත් එවැන්නක් මෙතෙක් සොයාගෙන නොමැත. තව ද පොකුණු වැව් බැම්මට පහතින් පිහිටි නිසා දැවැන්ත පීඩන වෙනසක් වැව් ජලයේ හා පොකුණුවල ජලයේ ඇති වේ. මෙකී පීඩනය යටතේ ජලය ගලා ගියහොත් පොකුණුවල ස්නානයට සුදුසු තත්ත්වයක් ඇති නොවේ. එනිසා උමං පද්ධතිය තුළ දී ජලයේ පීඩනය අඩු කිරීමට උපක්‍රම යොදා තිබිය යුතු අතර උමං බිත්ති අධික පීඩනයට ඔරොත්තු දෙන පරිදි නිමවා තිබීම ද කළ යුත්තකි. රන්මසු උයනේ පොකුණුවලට ජලය සැපයූ ආකාරය පුරාණ ඉංජිනේරු තාක්ෂණයේ මහිමය කියාපාන්නක් වන්නේ එනිසාවෙනි. දිය අගලකින් වට වූ ගොඩනැගිල්ල ඇතැම් විට රාජකීයන්ට තාවකාලිකනවාතැන් සැපයූ ස්ථානයක් විය හැකි ය. ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව පරිවාර ගොඩනැගිලි දෙකක නටඹුන් ද මෙහි දක්නට ලැබේ.
තිසා වැවේ වෑකන්දේ පිහිටා ඇති ජල ටැංකිය අසල දක්නට ලැබෙන ස්වර්ණ මත්ස්‍යයින් සිටින උද්‍යාන භූමිය රන්මසු උයනයි. ජල ශාස්ත්‍රයේ අද්විතීය නිර්මාණයක් ලෙස සැලකෙන මෙම උද්‍යාන භූමිය ස්වාභාවික සුන්දරත්වයෙන් ද පරිපූර්ණ වී තිබේ. තිසාවැවේ සීතල සුළං දහරාවන් ගෙනෙන සිසිලස නරඹන්නාට ගෙන දෙන්නේ ආශ්වාදයකි.
මෙම උයන වෙහෙසින් විඩාවට පත් සිතටත් ගතටත් ඉමහත් ප්‍රබෝධයක් ගෙනදෙන්නක් විය. මෑතින් ඉසුරුමුණි චෛත්‍යය දැකීමෙන් ජනිත වන දහසක් සිත් පහන් කරවන හැඟීම් ඔස්සේ වෑකන්දේ ගමන් කරන අපගේ මනස සුවපත් වෙයි. වෑකන්දෙන් බැස උයනට ඇතුලු වී පර්වතය නැඟ අවට පරිසරයේ රමණීයත්වය නැරඹීය හැකි ය. මෙහි ගලෙන් නෙළන පොකුණේ කෙළවර මණ්ඩපයක් ද වෙයි. මණ්ඩපය දෙපස නෙළන ලද ජල ක්‍රීඩා කරන හස්ති සමූහයා දැක්වෙන විචිත්‍ර කැටයම හෙළ කැටයම් කරුවාගේ අමරණීය කීර්තිය විදහාපාන්නක් වැනි ය. මෙතනට උතුරු දෙසින් පිහිටි දිය අගලෙන් වට වූ අටපට්ටම් හැඩය ඇති ගොඩනැගිලි තුනක අත්තිවාරම් ද දක්නට ලැබේ. මෙහි ඇඳ ඇති විශ්ව සිත්තම තුළින් අතීත ජනතාව විශ්වය පිළිබඳව දැන සිටින්නට ඇතැයි අනුමාන කළ හැකිය.
රන්මසු උයනෙහි පවතින ස්වාභාවික සුන්දරත්වය නිසා ම මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන පිරිස එකල අති මහත් ය. මෙහි ඇති පොකුණ විශ්මිත නිර්මාණයක් වුව ද ඒ සඳහා යොදා ගත් භූමිය එයට ඉතාමත් යෝග්‍ය වේ. අක්කර 40 ක භූමි ප්‍රදේශයක ව්‍යාප්තව තිබෙන මෙම භූමිය ගස් කොළන්වලින් පිරී පවතී. මෙම පොකුණු එම ගස් කොළන්වලින් පිරී පවතින භූමියට අලංකාරයක් එක්කරන ලදී. මානෙල් මල්වලින් පිරි වැවක, බාධක හමුවේ ගලා හැලෙන ගංගාවක හා කඩා හැලෙන දිය ඇල්ලකට නොදෙවෙනි සුන්දරත්වයක් ලස්සනක් එක්කරන්නට මෙම පොකුණුවලට හැකි විය. සාලිය අශෝකාමාලාවන් හමු වු මෙම උද්‍යානය අනෙකුත් පෙම්වතුන්ට ද පාරාදීසයක් මෙන් විය. මංගල දිවියට පා තබන නව යුවතිපතීන් තම ඡායාරූප ගැනීමට පැමිණෙන ස්ථානයක් ලෙස ද මෙම උයන හැඳින්විය හැකි ය. ඉතා මනරම් වූ පොකුණු ද සීරුවට කරන ලද සිතුවම් ද මහා ගල් පර්වත ද මෙන් ම නානා විධ වූ නොයෙක් ගස් වැල්වලින් ද පරිපූර්ණ වූ මෙම උද්‍යානය ඡායාරූපකරණයට ඖචිත්‍යය වන්නේ ය.
මෙම ඡායාරූප එයට සාක්ෂි දරනු ඇත. මෙම ඡායාරූප අද මෙම උයන දක්නට ලැබෙන ආකාරය පෙන්නුම් කරන ලබයි. අදද මෙය මෙවැනි සුන්දරත්වයක් මතුකරයි නම් එදා මෙම උද්‍යානය කෙතරම් සුන්දරත්වයක් උසුලන්නට ඇති ද? මෙම අසිරිය දැකබලා ගැනීමට එදා මෙන් ම අද ද පිරිස් පැමිණේ. අද පැමිණෙන පි පිරිස අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ විදේශ සංචාරකයන් ය. ඔවුන් මෙහි පැමිණ එහි අසිරිය ඡායාරූප ගත කරන අතර එම සුන්දරත්වය පිළිබඳ තොරතුරු එකතුපාදා කරගනී. ශ්‍රී ලාංකික වැසියන්ට වඩා මෙම සොබා දහමට ඇළුම් කරන විදේශිකයන්ට මෙම උද්‍යානය ඉතාමත් ආශ්වාදනීය වේ. සන්ධ්‍යා සිරි නරඹමින් තිසා වැවේ වැව් කණ්ඩිය දිගේ ඇවිද යන සංචාරකයාට මෙම උද්‍යානය එක්කරනු ලබන්නේ මහත් වූ සොම්නසකි. මුළු සිත මෙන් ම ගත ද නිවා සනහාලන ඉසුරුමුණි රජමහ විහාරය යාබදව පිහිටා ඇති මෙම රන්මසු උයන රන්වන් මත්ස්‍යයන්ගෙන් අලංකාර වී තිබුණි. සිත් පහන් කරගෙන පැමිණෙන සංචාරක ජනතාව මෙම උයන අසල දී මහත් සොම්නසට පත් වන්නේ මෙම නිර්මාණශීලීත්වය හා ස්වාභාවික වටිනාකම නිසා ය.
නිල්වන් වූ අහස නිල පුරවාගෙන බලා හිඳින්නේ අනුරාධපුර ශ්‍රී විභූතිය දකින්නට බව කිව මනා ය. ශ්‍රී ලාංකික අපට අවැසි වූයේ කෙසේවත් ලියා හෝ බලා අවසන් කළ නොහැකි අතීත අභිමානයේ ජය ඝෝෂාවයි. මීට වසර ගණනකට පෙර ගල් කුළුණු සමඟ ඔට්ටු වූ අභීත මිනිසාගේ සක්‍යතාවය හෙළි කරන අතර ඔවුන් පරිසරය සමඟ බැඳි ළබැඳියාව පෙන්නුම් කරයි. උයනක් නිර්මාණය කිරීමට උචිත භූමීයක් තෝරා ගැනීමේ පටන් පෙන්නුම් කරන්නේ ඔවුන් ස්වාභාවික පරිසරයට දැක් වූ ඇල්මයි.
ජනප්‍රවාදවලට අනුව එදා සාලිය හා අශෝකමාලා ප්‍රේමයෙන් බැඳී ඇත්තේ මෙම උද්‍යානයේ දී ය. ඒ මෙසේ ය. සන්ධ්‍යා සිරි නරඹමින් ඇවිද යන සාලිය කුමාරයාට ඈත තියාම මධුර මනෝහර කට හඬකින් ගී ගයන හඬක් ඇසී ඒ ගැන විමසිලිමත් වන විට එය ඇසෙන්නේ පහළින් ඇති රන්මසු උයනින් බව වැටහුනේ ය. ගී හඬට වශී වුණු කුමාරයා තමන් යන්නට ආ ගමන මොහොතකට අමතක කර දමා මියුරු හඩින් මේ ගී ගයන්නේ කවුරුන්දැයි දැන ගැනීමේ කුහුල් සිතින් රන්මසු උයනේ ඒ ගී හඬ ඇසුණු දෙසට පියමන් කළේ ය.
හෝපළු, මුරුත, පලොල්, අගිල්, නා, අරලිය, වැනි පුෂ්ප වෘක්ෂයන්ගෙන් සැදුම් ලත් නෙක විසිතුරු මේ පුෂ්ප උද්‍යානයේ පොකුණුවල ඉතාමත් අලංකාර කණක පැහැයෙන් යුත් මත්ස්‍ය විශේෂයක් සිටින නිසා මේ උයන රන්මසු උයන නමින් ප්‍රසිද්ධ විය. අනේක විධ තුරුලතාවන්ගෙන් ද අලංකෘත මේ පුෂ්ප උද්‍යානයේ එක් කෙළවරක පිහිටියේ මහින්ද මහ රහතන් වහන්සේ මොහොතක් විවේක සුවයෙන් ගත කළා යැයි සැලකෙන ඉසුරුමුණි විහාරයයි.

ථුපාරාමය, ශ්‍රි මහා බෝධිය, ජේතවනාරාමය ආදී ස්ථාන පිළිබඳව කොතෙකුත් ලියවුණ ද මෙම රන්මසු උයන පිළිබඳව බොහෝ ලේඛකයන්ගේ පන්හිඳ මෙහෙයවනු ලබා ඇත්තේ ඉතා ම කලාතුරකිනි. මෙම උයනේ පවතින විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය කිරීමේ දී අවට විසිරී පැවැති ගල් පර්වත උපයෝගී කර ගැනීමයි. ඒ අනුව එහි එක් ගල් පව්වක දෙපසින් නාන තටාක තුනක් ද, ආසනයක් සහිත ගල් ලෙනක් ද දැකිය හැකි ය. එහි පොකුණක නෙළා ඇති ඇතුන්ගේ රූප ඉතා දැැකුම්කළු ය. පොකුණ කරා ගල් පඩි පෙළකි. මෙම පොකුණට ද, නාන තටාකයන්ට ද ජලය සපයා ගැනීමට හා පිට කිරීමට උපයෝගී කරගත් ශිල්ප ක්‍රම විශ්මය දනවන සුළු ය. එදා රජ දවස ඉංජිනේරු තාක්ෂණය මොන තරම් විශිෂ්ට ආකාරයට පැවැතියේ ද යන්න මේවායින් මොනවට පැහැදිලි වේ. මෙම රාජකීය උද්‍යානය තුළ ඇති ස්නානගාරයන්හි දි රජ පවුලේ උදවියට තමන්ට නිසි අයුරින් නෑමට ද, ජල ක්‍රිඩාවේ යෙදීමට ද පහසුකම් සලසා තිබුණි. තිසා වැවේ වැව් කණ්ඩියට යාබද නැගෙනහිර බිම් තීරුවේ රන්මසු උයන වෙයි. එය රජුගේ මඟුල් උයන ලෙස සැලකේ. මෙහි පොකුණු දෙකක් වෙයි. ඒවාට යාබදව කාමරයක් සහිතව තනා ඇති ගොඩනැගිල්ලේ වහලෙන් පොකුණට හා එම කාමරයට අතර ඇති කොටසට ජල මාර්ගයක් වෙයි. එයට ජලය ලැබෙන්නේ තිසා වැවෙනි. මේ වන විට එය ක්‍රියාත්මක නොවේ. මෙම පොකුණුවල ජල ක්‍රිඩාවල යෙදුණු ඇතුන්ගේ හා නෙළුම් පඳුරුවල කැටයම් වෙයි. මේ අනුව බලන කළ රන්මසු උයන විශිෂ්ටතම නිර්මානයකි. නමුත් එය කවුරුන් විසින් කරවන ලද්දක් බව තාමත් නිශ්චිත නැත. පසු කලෙක වනගහනයක්ව පැවැති රන්මසු උයන නැවතත් යථා තත්ත්වයට ගෙන එන ලද්දේ 1940 දී ය. මෙවැනි අද්විතීය නිර්මාණයක් පිළිබඳව මෙලෙස තොරතුරු නිතර ඉදිරිපත් වෙනවා නම් මෙම ස්ථාන ඒ අයුරින්ම පවත්වා ගැනීමට අවකාශය සැලැසේ. ස්වාභාවික පරිසරය උපයුක්ත කරගනිමින් තනන ලද මෙම උද්‍යානය ඇත්තන්ම රමණීය වේ.
“දිවයිනේ කවර හෝ ස්ථානයක ඇති පුරාවස්තුවක් සොරකම් කිරීම, විනාශ කිරීම හෝ විකෘති කිරීම වසර දෙක සිට පහ දක්වා සිර දඬුවමක් හෝ රුපියල් පනස් දහසක් දක්වා දඩයක් හෝ එම දඬුවම් දෙකම හිමි විය යුතු ඇප නොදෙනු ලබන බරපතල වරදකි. පුරාවස්තු සොරා ගැනීමක්, විනාශ කිරීමක් හෝ විකෘති කිරීමක් පිළිබඳව දැනගත් වහාම 01-694727, 01-696514 යන දුරකථන අංකයකට හෝ ඔබ පළාතේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක (දුරඃ025-22411) පුරාවිද්‍යා නිළධාරියෙකුට, ප්‍රාදේශීය ලේකම්ට හෝ ග්‍රාම නිළධාරින්ට දැනුම් දී පුරාවස්තු සුරැකීමේ අගනා ජාතික මෙහෙවරට දායක වන්න.”
No comments:
Post a Comment