කිසා ගෝතමියක් නොවේ ......
දසකඩ මසක් කුසේ දරා රක්ත රුධිරය සුදු කිරට හරවා බිළිඳු කුසෙහි ගිනි නිවන ආදරණීය අම්මලාගේ ජීවිතය සම්පත දරුවන් ය. බුදු වන්නට පාරමී පුරන අම්මේ ඔබ දරුවන්ගේ අමිල වස්තුවයි. මහා බ්‍රහ්මයාට සම කළ මව්නි ඔබ දාරක ස්නේහය උතුරන සිත් ඇත්තියකි. ගෙදර බුදුන් යැයි විරුදාවලි ලද මව්නි නුඹ දරුවන්ගේ ලොවෙහි මිණි පහනයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නැමැති සතර බ්‍රහ්ම විහරණ නම් මහා ගුණ කදම්භයෙන් යුත් මව්වරුන් අතර පාපතර, කෲර, අමුනුෂ්‍ය මව්වරුන් නැතුවාම නොවේ. රතු ලේ කිරි කර බිළිඳු මුව තම තණ පුඬුවට ළං කරගන්නේ උත්තරීතර වූ දාරක ස්නේහයකිනි. ඒ සෙනෙහස තම ශරීරයේ නහරවැල් පුරා දුවන්නේ දරුවා තණ පුඬුව උරන විටදී ය. නමුත් තම දරුවා තණ පුඬුවට ළං වී රක්ත රුධිරය උරා බොන විට තණ පුඬුව සැපීමෙන් දරුවා තමාට ගෙන දුන් වේදනාව එක් මවක් විඳ දරා ගන්නේ තම බිළිදාගේ ශරීරය කතුරකින් අනූ වතාවක් ඇණ සිදුරු කරමිනි. මහා ගුණෝපේත අම්මේ ඒ බිළිඳු දෙනෙත් කතුරු පහරින් කෙතරම් නම් තෙත් වන්නට ඇති ද? කෙතරම් නම් “අම්මා” කියා හඬ ගාන්නට ඇද්දැයි මට සිතේ. ඒ කතුරු පහරට තව තවත් තණ පුඬුවට සමීප වන්නට ඇත.
මාතෘත්වයෙන් ආඩ්‍ය වූ අම්මාවරුනේ ඔබ මතු දින බුදු වන්නට පෙරුම් පුරනෙම් ද? තම කුස හඬ ගාද්දිත් සිය දරුවන්ගේ කුසගිනි නිවන අම්මේ ඔබෙ ගුණ සාහිත්‍ය වංශයේම අකුරු වන්නට විය. එහෙත් සිය බිළිඳුගේ වතකමල ඇණ සිදුරු කිරීමට තරම් මව් පදවිය දරන ඔබ පාපතර වූයේ කෙසේ ද? තම ළැමට ඇති වූ සියුම් වේදනාවට ඒ පුංචි මල් කැකුළ තලා පොඩි කර දමන්නට ඔය මව් හදවත ගලක් වූයේ කෙසේ ද? මළ දරුවන් ජීවත් කරවන කිසා ගෝතමියන් සිටින මේ සිහල දීපයේ නමට මව් වූ අම්මාවරුද නැතිව නොවේ. තම පුංචි දරු සිඟිත්තා මෙලොව එළිය දකින තුරු දහසක් වද වේදනා විඳින උත්තරීතර මාතෘත්වය එපමණ සියුම් වේදනාවට කොහි සැඟවුණි ද? සම්මා සම්බුදු අම්මාවරුනි මාතෘත්වයට නිඟා නොකරනු මැනවි.
No comments:
Post a Comment