Friday, October 14, 2016

නා නත්ථ කායා නා නත්ථ සංඥා

නා නත්ථ කායා නා නත්ථ සංඥා


මිනිස්සු විවිධයි” ඔවුන් තුළ එකිනෙකට වෙනස් වූ සිතුම් පැතුම් පවතී” කොහොම වුනත් ඔවුන්ට උසස් මනසක් තියෙනවා” උසස් මනසක් තියෙන නිසාම ඔවුන්ට මනුස්සයා කියනවා” මිනිස්සු මනසින් උසස්ලු” ඒකයිලු මිනිස්සු කියන්නේ” එහෙම කොහොම හිතන්නද? මොකද මිනිස්සුන්ගේ සමහර වැඩ තිරිසන් සතුන්ටත් වඩා බාලයි” නරින්ටත් වඩා කපටියි” සතේට හිදිච්චි මිනිස්සු වැලිකැටයක් දූවිල්ලක් ගානට පාගලා දානවා” තමන්ගෙ බඩ වියත රැක ගන්න තවත් මනුස්සයෙක් ආයුධයක් කරගන්නවා” මිල මුදල් යාන වාහන වතුපිටි කොයිතරම් තිබුණත් ඊර්ෂ්‍යාව දෝරේ ගලනවා” වැටිලා ඉන්න  මනුස්සයෙක් කොහොමින් හරි කීයක් හරි හම්බ කර ගද්දී ඒකට වල කපනවා” ඒ දියුණු වෙන මනුස්සයා දැකලා කකුලෙන් ඇදලා බිමට තල්ලු කරනවා” කපටිකමින් මිනිස්සුන්ව මුලා කරනවා” ඇඳන් ඉන්න වස්තරෙන් වගේ ම මේ රටේ නීතියෙනුත් උන් වහන් වෙයි” ඒත් තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ” තම පසු පස එන කරුමෙන් ගැලවෙන්ටත් උන්ට බෑ” උස් වූ මනසක් ඇත්තා මනුස්සයා” මේකද ඒ උසස් මනුස්සකම” මේ සමාජයේ ආත්මාර්ථකාමිත්වය පිරිලා” හැම මනුස්සයාම තමන්ගේ වාසිය බලනවා විතරයි” ඒ විතරක් ද තණ්හාව කෙසේ හෝ කඩා වඩා ගැනීම පුරුද්දක් වෙලා” ඒකද මනුස්සකම” භාණ්ඩ හුවමාරු කරගනිමින් ජීවත් වුනු මිනිස්සුන්ට මොණර කොළ ලැබුනම තමනුත් අමතක වෙලා” රුපියල් හොයා යන ගමනක්ම පමණක් වෙලා” අන්තිම පහත් තත්ත්වෙට ඇදගෙන වැටිලා” දුරාචාර අපචාර වැඩි වෙලා” මනුස්සකම මිනිස්සුන්ගෙන් ගොඩාක් ඈතට ගිහින්” මනුස්සකම උතුරලා ගියපු රටක අවසානයේ ඉතුරු වෙන්නේ කදුළක් පමණි” 

1 comment:

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...