අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පියසෙනෙහසට කව් ගී ලියවුනා මදි..............
මේ ගීතය මුමුණමින් ම කවුළුවෙන් පිටතට නෙත් යොමු කළ මා දුටුවේ දරා දිරි වඩා දහඩිය වගුරුවා සිය දරුවන් වෙනුවෙන් වෙහෙසෙන ආදරණීය අප්පච්චි කෙනෙකි.
ඔහු සිය දෑත, දෙපයෙහි ශක්තිය වගුරුවා තම කුඹුරු යාය අස්වද්දන්නට අම්බරුවන්
සමඟ පොරබදන තාලය මගේ සිත්හි චිත්රණය වන්නට විය. මා දැස් ඈතඉම මහපොළොව ඉරතලා ගිය
වෙල් යාය දෙස මොහොතක් බලා සිට මෙසේ සිතන්නට විය. තාත්තා බර උසුලන්නේය. ජිවිතය
ගීතයක් නම් එහි පද රචකයා තාත්තාය. ඒ ජීවන ගීතය ලියන්නට ඔහු අප්‍රමණ කැපකිරීම් කරයි. වැස්ස වළාහක දෙවියන් වෙල් යායට
වඩින තුරු දෙවියන්ට කන්නලව් කරමින් නින්දත් නොනින්දත් අතර රැය පහන් කරන තාත්තා මේ
ජීවන ගීතය ලියන්නට විඳින දුක්ඛ දෝමනස්සයන් අපමණය. මව් සෙනෙහසට නොදෙවෙනි පිය
සෙනෙහස මෙලෙස පදයෙන් පදය ගෙත්තම් කරන්නට සිත් විය.
වැටෙනා අව්වට කියන්න හැකිනම්
ඔබෙ ගුණ කියාවී අප්පච්චී
වඩිනා තුරු වැසි දෙවිඳුන් කුඹුරට
පෙරමඟ බැලුවද අප්පච්චී
එදා ඉඳන් ගිනි අව්වට වේලුණු
ඔබේ ගතට නැහැ සැප ලැබිලා
තාමත් සීපද කියමින් වෙල්ඉම
අම්බරුවන් හා දුක ගයනා
වැටෙනා අව්වට...........
මහ සමුදුරටත් වඩා වැඩියි නුඹෙ
දරු සෙනෙහස මගෙ අප්පච්චී
සතර වරම් දෙවියෝ නිති රැකදෙන්
මගේ පණයි මගෙ අප්පච්චි......//
Godk lassaniii
ReplyDeleteTnx ane
ReplyDelete