අද කවුළුවෙන් අපූරූ ලිපියක් ගැන කතා කරන්න හිතුණා. Googleවල සෙවීම් දී හම්බුණ ඒ රසවත් ලිපිය Channel News 4 හි පළ වූ සුවිශේෂී ලිපියක්. ඉතිං හිතුණා බ්ලොග් අඩවියේ ඉන්න අපේ හිතවතුන්ටත් ඒ ගැන කියන්න. මේ ගැන කතා කරන්න නම් ටිකක් බයකුත් හිතෙනවා. නමුත් මේක හරි රසවත්. මීට දින කිහිපයකට පෙර පාතාලය ගැන කතා බහට ලක් වුණා. ඒ බන්ධනාගාර ගතකර සිටි පාතාල නායකයා වීමට පෙරුම් පිරූ සමයංගේ ඝාතනය නිසා. පාතාල කල්ලියක් විසින් එහි ස්වභාවය පෙන්නුම් කරමින් අමානුෂික ලෙස ඔහුව ඝාතනය කර තිබුණා. සමයං කියන්නේ මෑතකාලයේ නම ගිය පාතාල සාමාජිකයෙක්. අද ද එවැනි නම ගිය පාතාල සාමාජිකයන් ඉන්නවා. ඒත් අපි අද කතා කරන්නේ අද ඉන්න අය ගැන නම් නෙවෙයි. මීට පෙර සිටි පාතාල සාමාජිකයන් ගැන. ආණ්ඩුව එක එක කාලෙට වෙනස් වෙනවා වගේ මේ පාතාල ලෝකයේ රජ කරන චණ්ඩිත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ චණ්ඩි ජනප්‍රිය වෙලා තියෙන්නෙත් අපූරු නම්වලින්. එහෙම නම්වලින් ජනප්‍රිය වුන ටිකදෙනෙක් තමා වෙලේ සුදා, වම්බොට්ටා, සොත්ති උපාලි, කරාටේ ධම්මික වගේ අය. මේ නම් හැදුනේ කොහොමද කියලා දැනගන්න හරි ආස හිතෙනවා. අපි එහෙම නම් ටිකක් ගැන දැනගමු නේද?
මීට දශක දෙක තුනකට කලින් උපත ලැබූ ගම්පොල විදානේලාගේ වසන්ත කුමාරට සුදා කියලා කියනවා. ඒකට හේතුවක් විදිහට කියන්නේ හොර අරක්කු ෆැමිලි බිස්නස් එකක් පවත්වන් ගියපු එක තමයි. මේක කරන් ගිහින් තියෙන්නේ ගමේ අහල පහල වෙලක. ඒ හින්දා ඔහු වෙලේ සුදා වෙලා. 80 දශකවල ලංකාවේ පාතාලේ හොල්ලගෙන හිටපු අරඹෙවෙලගේ දොන් උපාලි රන්ජිත්ට සොත්ති උපාලි කියන්නේ පිහිපාරක් වැදීමෙන් අත විරූපී වී ඇති නිසා බව කියයි. කරාටේ ධම්මික පාතාල ලෝකයෙන් එළියට එන්නේ කඩුවෙල වසන්තව ඝාතනය කිරීමත් සමඟ. කලක් යද්දී ලෝකයේ අංක එකට පත්වන ධම්මික පස්සේ අතුරුදහන් වීමට ලක්වෙනවා. මෙම පාතාල රස්සාව කරන්න කලින් ඔහු හොඳ කරාටේ ගුරුවරයෙක්. කරාටේ ගුරුවරයෙක් ලෙස මේ විදිහට ජනප්‍රියත්වය පත් වුන ධම්මික පාතාල ලෝකයේ කරාටේ ධම්මික නමින් හඳුන්වා තිබෙනවා.
වම්බොට්ටා
කියන්නේ විහිලු සහගත නමක් වුනත් මොහු දකුණේ පාතාල ලෝකය උණුසුම් කරපු පුද්ගලයෙක්.
ඔහු නමින් කිතුල මුල්ල ගමගේ අජිත් වසන්ත කුමාරයි. අජිත් තමන්ගේ දිළිඳු පවුලේ බර
කරගහන්න සූරියවැවේ පොළේ වම්බටු විකුණලා තියෙනවා. ඒ නිසා අජිත් වම්බොට්ටා වෙලා තියෙනවා. ආනමාලු
ඉමිටියාස්ගෙ ඇත්ත නම මොහොමඩ් හසන් මොහොමඩ් ඉමිටියාස් ය. ඒ නම මාලිගාවත්ත පාතාලය
ගැන කියද්දී නොකියම බැරි නමක්. මොහුද වම්බොට්ටා වගේ ම දුප්පත්කමින් පෙළුණු නිසා කෙසෙල්
කරත්තයක වෙළඳාම් කර ඇත. ඒත් මොහුගේ නම සැකසී ඇත්තේ මේ වෙළඳාම නිසා නෙවෙයි. ඕනෙම ප්‍රශ්නකෙදි
ලිස්සලා ඇඟ බේරාගැනීමේ හැකියාවක් සහ ඕනම පුද්ගලයෙකුගේ කනින් රිංගලා යන්න දක්ෂකමක්
ඉමිටියාස්ට තිබුණලු. ඒ නිසා ආනමාලු වගේ ලිස්සලා යන කියන තේරුම ඇතිව ඔහු ආනමාලු
ඉමිටියාස් බවට පත් වෙයි. 2000 මුල් කාලයේ පාතාලය හොල්ලන් හිටියේ තොප්පි චමින්දයි. මොහුගේ
සත්‍ය නම ගීකියනගේ රොෂාන් චමින්ද සිල්වා ය. 90 ගණන් තිබ්බ නයිකි, චිකාගෝ බුල්ස්
තොප්පි පිස්සුව චමින්දට උපරීමේට තිබුණා. උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑට නිදාගන්නකම්
තොප්පිය ඔලුවෙන් ගලෝල නැති නිසාලු තොප්පි චමින්ද කියන නම වැටිලා තියෙන්නේ.
මුණියන්ඩි වාප්පු
බාලන් හෙවත් තෙල් බාලා කියන්නේ මත්කුඩු ජාවාරම අතින් ලංකාවේ නීතියට හිසරදයක් වෙච්ච
පාතාල සාමාජිකයෙක්. මොහුගේ බලපුළුවන්කාරකම ඉන්දියාව දක්වාම පැතිරී තිබිලා තියෙනවා.
මොහුගේ මුල් කාලීන ජීවනෝපාය වුනේ තෙල් කරත්තයකින් තෙල් විකිණීමයි. ඒ නිසා ඔහුට
තෙල් බාලා කියන නම වැටී තියෙනවා. මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් මරණීය දණ්ඩනය
නියම වූ සිරකරුවෙක් ලෙස කල්ගෙවයි. ඔහුගේ ඇස්වල ආබාධය මෙම නම හැදෙන්න බලපාන්නට ඇත.
එතැන් සිට ඔහු පොට්ට නවුෆර් ලෙසින් ප්‍රසිද්ධ වී තියෙනවා.
ela..
ReplyDeleteTnx macho
ReplyDelete