Friday, April 21, 2017

ගිනි කදු නොව කුණු කදු

ගිනි කඳු නොව කුණු කඳු

             මේ දිනවල නිතරම කතා බහට ලක්වන මාතෘකාවක් බවට කුණු ප්‍රශ්නය පත් වී තිබේ. ඒ නිසා ම කුණු කඳු අද අපේ රටේ කාලීන මාතෘකාවකි. මේ වසන්ත සමයේ එනම්, සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන මොහොතේ මේ  රටට ජීවිත අහිමි  කළ ඒ පුවත වාර්තා විය. මිනිස් මනස කම්පා කරවූ ඒ පුවත මෙන් ම ඡායාරූප දෑස් කඳුළින් තෙත් කළේ ය. බාල මහලු ලෙස තේරීමකින් තොරව ජීවිත බිලි ගනිමින් ලෙඩ රෝග පතුරුවා හරිමින් සිය දහස් ගණන් ජීවිතවලට බලපෑමක් එල්ල කරන්නට කුණු ප්‍රශ්නය උද්ගත විය. අප රටේ බැලු බැලු තැන කුණු දක්නට ලැබේ. එයට මිනිසුන්ද වගකිව යුතුව ඇත. මන්ද තමා ඉවතලන දෑ නිසියාකාරව ඉවතලෑම කළ යුතු ය. මී තොටමුල්ල කුණු කන්ද අද ඊයෙක ඇති වූවක් නොවේ. එම ප්‍රදේශය අවට එහි දුර්ගන්ධය ඉවසාලිය නොහැකි තරම්ය. ඒ පිළිබඳ ජනතාවගේ විරෝධය බලධාරීන් වෙත එල්ල වූයේ එදා සිටය. නමුත් එයට පිළිතුරු සැපයීමට පාලකයින් සමත් වී නැත.

          මැතිවරණයක් ඇති හැමදා මෙම කුණු කන්දට විසඳුම් ලබා දෙන්නේ යැයි කටමැද දොඩවන පාලකයින් ජනතාව අසරණ වූ මේ අවස්ථාවේ මුනිවත රකී. ජනතාව නිතරම මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දේවී යන අපේක්ෂාවෙන් පත් වන සෑම ආණ්ඩුවකටම මෙයට නිසි පිළිතුරක් ලබා දෙන මෙන් කන්නලව් කරයි. එහෙත් එය බිරී අලින්ට වීණා වැයීමකි. බලයට පත් වීමට කුණු කන්ද අතකොලුවක් කරගත්තා මිස ඔවුන් එයට විසඳුම් සෙවූයේ නැත.

           ජපානය යනු සංවර්ධිත රටකි. එයට එක් හේතුවක් වන්නේ එම රට පිරිසිදුව තබා ගැනීමයි. ඔවුන් කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ දී විශාල ධනයක් උපයන අතර සොබාදහම අවට පරිසරය මනාව පවත්වාගෙන යයි. ඔවුන් එම සොබාදහමට සැමදා ආදරය කරයි. නමුත් ලංකාව එදා සිටම අද වන තුරුත් සංවර්ධනය වෙමින් පවතින රටකි. රටක් ලෙස ඉදිරියට යාමට රටේ සම්පත් ප්‍රයෝජනයට ගත යුතු ය. ණය බර සහ රැකියා වියුක්තිය අප රටේ උඩුදුවා ඇති ප්‍රශ්නයන් ය. ජපානයේ වගේ ම අපේ රටේත් කුණු කසල මනාව කළමනාකරණය කරයි නම් එයින් ලාභ ඉපයිය හැකි බව බලධාරීන්ට දැනුමක් නැත.මේ කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කරනවානම් ධනය පමණක් නොව ජීවත්වීමට සුදුසු වාතාවරණයක් අවට පරිසරය තුළින් ගෙන දේ. විවිධ සංවර්ධන ව්‍යාපෘති රටට ගෙන එන මෙම පාලකයන් මෙම කසල ප්‍රතිචක්‍රීකරණ  ව්‍යාපෘතියක් සකස් කිරීමට අසමත් ඇයි දැයි යන ප්‍රශ්නය මහජනතාවගෙන් පැන නඟී.


ගයානි රණතුංග

කැලණිය විශ්වවිද්‍යාලය   

4 comments:

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...