ආවා ආවා අවුරුදු ආවා
මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාළේ
තෙල් ඉහිරුන කැවුම් ගෙඩිය වාගේ...............
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අවුරුදු
උදාව ලෙස හඳුන්වයි. මෙම බක් මාසය තුළ අස්වනු නෙළා ගෙට ගන්නා ජනතාව අවුරුද්දට ලක
ලෑස්ති වෙයි. කොවුල් නාදයෙන් වසන්ත සමය උදා වූ බව මිනිසා විශ්වාස කරයි. එමෙන්ම මේ
සමයේ එරබදු මල් පිපෙයි. ගස් කොළන් ඵලින් බර වෙයි. මෙවැනි විපර්යාසයයසක් පරිසරය තුළ
සිදු වේ. මෙම වසන්ත සමයේ මේ ස්වභාවික පරිසරය අලංකාර වන බව විශ්වාස කරයි. එම නිසාම
මෙම අවුරුදු සමය ස්වභාවික පරිසරයේ සංසිද්ධියක් බව කිව හැකි ය. එම විපර්යාසය සමඟ ම
මිනිසුන්ගේ චර්යාවෙත් යම් යම් වෙනස්කම් දැකිය හැකිය. මිනිසුන් ඉතා කඩිසරව වැඩවල
නිරත වෙයි. එමෙන්ම නව ඇඳුම් පැළඳුම්, නව ගෘහ
භාණ්ඩ මිලදී ගනී. නිවස ශුද්ධ පවිත්‍ර කරයි. විවිධ රසකැවිලිවලින් කෑම මේසය පුරවනු
ලබයි. කැවුම්, කොකිස් තෙලේ හිනාවෙන්නේ නිවසට මෙන් ම පුංචි පැංචන්ට හා පැංචියන්ට ද
අමුතුම මිහිරක් එක් කරවමිනි. මිනිසුන්ගේ මුහුණු තෙල් ඉහිරුන කැවුම් වගේ අලංකාරයි. ස්වභාවික පරිසරය මිනිසාට
රැගෙන එන එම අපූරත්වය තව තවත් ඔප මට්ටම් කිරීමට මිනිසුන් කෘත්‍රීම අපූරත්වයක් ද
එක් කරයි. බාහිරින් මෙම සියලු අලංකරණයන් සිදු කරන මෙම මිනිසුන්ගේ අභ්‍යන්තරය
මෙතරම් අලංකාර නැත. මේ වසන්ත කාලයට පමණක් මවා ගත් බාහිර ආටෝපයක් පමණි. ඒ වාගේ
ම අද අවුරුද්ද කියන්නේ විනාශකාරී එකකි. එය
ද වෙළඳපළ උපකරණයක් වී තිබේ. දැන් අවුරුදු තියෙන්නේ මුදල් අත මිට ඇති අයට මිස හිතේ
සතුට සැනසුම ඇත්තන්ට නොවේ. එමෙන් ම මේ වන විට අවුරුද්ද මාධ්‍යය තුළ සීමා වීමක් දක්නට ලැබේ. මාධ්‍යයට ප්‍රධානත්වයක්
දී තිබේ. මේ පිළිබඳ දන්නා පිරිස ඉතාමත් දුලබය. තරුණයන්ට අවුරුදු කියන්නේ මත්පැන්
ටිකක් තොල කට ගා ගැනීමකි. එහෙමත් නැතිනම් සූදූ ගැසීමකි. නමුත් මේ සමයේ සිදු විය
යුත්තේ පැවැති තරහා අමතක කර සුහදශිලී වීමයි. සූර්යයාගේ සංක්‍රාන්තිය සමඟ
මිනිසුන් ද සුභදායක ලෙස වෙනස්
විය යුතුව ඇත. බාහිරින් පමණක් පුහු ආටෝපය නිෂ්පල වේ. ඒ නිසාම මේ සිංහල, දමිළ,
හින්දු අලුත් අවුරුද්දේ සැබෑ අවුරුද්ද විය යුත්තේ මිනිසා යහපත් ලෙස වෙනස් වීමයි.
ගයානි රණතුංග
කැලණිය විශ්වවිද්‍යාලය
auruduth ekkama athe sathet neti una bn
ReplyDelete