Wednesday, April 12, 2017

සයිටම් විරෝධය

සයිටම් අර්බුදය

දැන් කාලයක සිට ඇසෙන දකින සයිටම් හෙවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය තවමත් විසඳී නැත. සෑම පුද්ගලයෙකුගේම කතා බහට ලක් වීමට තරම් මේ ප්‍රශ්නය අද බරපතල විය. සයිබර් අවකාශය තුළ නිතරම පාහේ මේ ගැන කතා කරයි. සයිටම් හෙවත් අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව රජයේ විශ්ව විද්‍යාල සිසුන් නිතරම අරගල කරනු ලබයි. අධ්‍යාපනයත් විකුණා කෑමක් බවට පත් වී ඇති බව එම සිසුන්ගේ අදහසයි. එම සිසුන් නිතරම මාර්ග අවහිර කරමින් සිය අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට වෙර දරයි. මේ ගැන කෙනෙකුට තර්ක කළ හැකිය. මන්ද පෞද්ගලික පාසල් කීයක් නම් තිබේ ද යනුවෙන් ප්‍රකාශ කළ හැකිය. ඒ පිළිබඳ විමසීමට කෙනෙකු නැත. නමුත් එහි දිගුවක් වූ මේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ පමණක් කුමට ප්‍රශ්න නඟයි ද යන්න කෙනෙකුට ගැට`ඵවක් විය හැකි ය. ඒ එසේ තිබියදි වෛද්‍ය උපාධිය පමණක් මෙතරම් විශේෂිත වූයේ මෙරටේ අසරණ ජනතාව නිසා විය හැකිය. මුදල් අත මිට ඇති මිනිසුන් පෞද්ගලික අධ්‍යාපනය හොඳයි යන මතයේ සිටී. නමුත් වෛද්‍ය උපාධිය මුදලට විකිණීමෙන් අහිංසක රෝගීන් තව තවත් අසරණ වෙයි. මුදලින් වෛද්‍යවරු නිර්මාණය වූවා මිස ඔවුන්ට ඒ පිළිබඳ මනා පුහුණුවක් නැත. මේ වෙනුවෙන් නැඟී සිටින ශිෂ්‍යයන්ට කඳු`ඵ ගෑස් ගසමින්, බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් මෙන් ම සිසුන් සිරගත කරමින් පෞද්ගලික අධ්‍යාපනය ආරක්ෂා කරයි. දේශපාලන උද්ඝෝෂණවලදී මුනිවත රකින්නන් සිසුන් අභියස දී වීරයන් විමට තැත් කරයි. මේ දිනවල නිරන්තරයෙන්ම සයිටම් විරෝධී ව්‍යාපාර පැවැතුණි. සාධාරණයක් නැති තැන එම සිසුන් තව දුරටත් මුනිවත රකීවී යැයි සිතිය හැකිද? මොවුන් නිතරම පාහේ මාර්ග අවහිර වන සේ හැසිරෙන්නේ විනෝදයට නොවේ. මාර්ග අවහිර කරමින් ජනතාවට හිරිහැර වන සේ උද්ළෙඝා්ෂණ කරනවා යැයි කියමින් බොහෝ දෙනා බැන වදී. මෙතරම් බාධා මධ්‍යයේ කරන ලද අරගලයට විසඳුම් නැති තැන කිසිවෙකුට බාධාවක් නොමැතිව සිදු කරන අරගලයකට විසඳුම් ලැබේවි ද? ඒ නිසාම අරගල කළ යුත්තේ සුදුසු තැනය. දැන් මේ  සයිටම් අර්බුදය මු`ඵ රටම වෙළා ගත්තකි. රජයේ වෛද්‍යවරුන් ද වැඩ වර්ජනය කරයි. සරසවි සිසුන් මෙයට විසඳුම් සෙවීමට වෙහෙසෙයි. රටම වෙළා ගත් මෙම අර්බුදයට වහාම විසඳුම් ලබාදිය යුතුය. විසඳුම් ලැබෙන තුරු සිසුන් ද නොනවතින අරගලයක නිරත වනු ඇත. ඔවුන්ව කඳු`ඵ ගෑස් පහරින් නවතාලිය නොහැකිය. එසේම වෛද්‍යවරු ද අඛණ්ඩ වැඩ වර්ජනවල නිරත වෙයි. එබැවින් මේ සඳහා වහ වහා විසඳුම් අවශ්‍ය වේ. එසේ නැත්නම් අසරණ ජනතාව මෙයින් තව තවත් අසරණ වනු ඇත. මුනිවත රකින බලධරයින් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ.  


ගයානි රණතුංග
කැලණිය විශ්වවිද්‍යාලය

4 comments:

  1. Ova therenakota parakku wedi wei hemoma...

    ReplyDelete
  2. Mn num kiyanne sitam wage dewal lankawe tiyena taranata tamai hoda. Oya campus wala un kochchara ka gahuwat owa wahanne na..😂😂

    ReplyDelete

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...