Saturday, April 29, 2017

මැයි දිනයේ අද කතාව


           
              කම්කරු ජනතාව මැයි පළමුදා ඉතා උත්කර්ෂවත් අන්දමින් මැයි දිනය සමරනු ලැබේ. මැයි දිනය හෙවත් වැඩ කරන ජනතාවගේ දිනය ලෙස ද මෙය හඳුන්වයි. අද කම්කරුවන් වරප්‍රසාද විඳින්නේ අතීතයේ කම්කරුවන් හෙලූ ලේ දහඩිය කඳුළු වගුරුවමින් දිවි පරදුවට තබා අත් කර දුන් ජයග්‍රහණ නිසාවෙනි. ලෝක කම්කරු දිනයට වසර ගණනාවකට පෙර ලංකාවේ එය ආරම්භ කරන ලදී. ලොව  බොහෝ රටවල  කම්කරු දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. 1890 දී ඇමරිකාවේ චිලී රටේ හා කියුබාවේත් විශාල කම්කරු පිරිසකගේ සහභාගීත්වයෙන් පළමුවරට ලෝකයේ මැයි දිනය සමරනු ලැබේ. පැය අටක සේවා මුරය සඳහා අරගල කරමින් සිටියදි පොලිස් වෙඩි පහරින් මිය ගිය කම්කරුවන් සිහි කිරීම පිණිස සෑම වසරක් පාසාම මැයි පළමුදා ලෝක කම්කරු දිනය වශයෙන් සැමරීම සිදු කරයි.
         
              මෙලෙස ඉතිහාසයට එක් වූ මැයි දිනය අද ලොව පුරා කිසිදු භේදයකින් තොරව සියලු කම්කරු ප්‍රජාව විසින් සමරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පළමු වරට මැයි දිනය සැමරුවේ 1933 දී කම්කරු නායක ඒ.ඊ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එය පක්ෂ භේද පාට භේදවලින් තොර වූ උත්කර්ෂවත් සැමරුමක් විය. ලංකාවේ මැයි දින පෙළපාලි දේශපාලන පක්ෂවල මෙහෙයවීමෙන් ආරම්භ වූයේ 1935 දී ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ මෙහෙයවීමෙනි. එනම්, 1935 දී ප්‍රථම වරට සියලුම වාමාංශිකයන් එක් වී ගෝල්පේස් පිටියේ දැවැන්ත මැයි දින පෙළපාලියක් පැවැත් විය. ඉන්පසු ස්වාධීනව තිබූ මැයි රැළි දේශපාලන ස්වරූපය ගත් නිසාම ඒවා දේශපාලන වේදිකා හා සැණකෙළි බවට පත් විය. ඒත් සමඟම අද වන විට මැයි රැළිය දේශපාලන පොරොන්දු හා ජනතා වරප්‍රසාද ප්‍රකාශයට පත් කරන තැනක් බවට පත් වී තිබේ. අද දේශපාලන පක්ෂ තම සුඛ විහරණය උදෙසා කම්කරුවන් වෙනුවෙන් වෙන්වුන දිනයත් ප්‍රයෝජනයට ගෙන තිබේ. මෙම දේශපාලන පක්ෂ බස්වලින් මිනිසුන් ගෙන්වා මැයි දින රැළියේ දී තම බලය පෙන්වීමට උත්සහ දරයි. මෙම පාලකයන්ට ජනතාව අවශ්‍ය වන්නේ මෙලෙස සෙනග අවශ්‍ය වූ විට පමණි. එසේ නොමැතිව මොවුන් මෙසේ පෙළගැසී ගෝරනාඩු කරන්නේ කම්කරුවා ආරක්ෂා කිරීමටවත්, ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමටවත් නොව. සිය ආරක්ෂාව හා සුරක්ෂිතතාවය උදෙසාය. සෙනග ගෙන්නා තම බලපුළුවන්කාරකම පෙන්නන මේ රටේ පාලකයින් මැයි දිනය දාට පමණක් කම්කරුවා යන වචනය කියන්නට තතනයි. ඔවුන්ගේ ප්‍රශ්න සැලකිල්ලට නොගන්නා පාලකයෝ පීඩිත ජනතාවගේ දිනයේ දී ත් ඔවුන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීමට පොරබදයි. කර්මාන්ත ශාලාවල මහ පාරවල්වල දුක් විඳින ජනතාව ගැන මොවුන්ට දශමයක්වත් දුකක් නැත. ගැහැනු පිරිමි කිසිදු භේදයකින් තොරව උදේ සිට රැය පහන් වන තෙක් එක සේ දහඩිය කඳුළු වගුරුවා උපයන මුදල් පාලකයන්ගේ සැප සඳහය. රැය පහන් වන තුරු මැෂිම පාගන තරුණියෝ ඔවුන්ගේ අනාගතය සරිකරන්නට වෙරදරයි. මහන්සිය, දුක නොබලා වැඩ කරයි. නමුත් කම්කරුවන් වෙනුවෙන් තවමත් පාලක පන්තියේ අවධානය යොමු වී නැත. වර්තමානයේ මැයි දිනය කම්කරුවන්ගේ ද එසේ නැත්නම් පක්ෂ දේශපාලනයේ ද යන්න විශාල ගැටලුවකි.


                                   

Friday, April 21, 2017

සරසවි ප්‍රේමය

සරසවි ප්‍රේමය

සරසවි බිමේ ඔබ මා නෙත් හමුවුනා තමයි
සරසවි බිමේ ඔබ මා නෙත් වෙන්වුනා තමයි ---------//

මා අතගෙන ගිය අද ඔබ වෙනතක හැරුනා
සරුංගලේ ඔබ හිඳ දෙඩු පෙම් බස් ඇසුනා
ඒ කාලේ සිතු සිතුම් මතකෙට නැඟුනා
එය සිහි වී මා නෙත් කඳුලැල්ලෙන් සැලුනා

සරසවි බිමේ ඔබ මා-----------//

පිපී තිබුණු රතු මල් ටික ටික පරවෙනවා
ජීවන මඟ අද තනියම මා ලතවෙනවා
ඔබ වෙනකෙකු සමඟින් මා පසුකර යනවා
සිහිනයක්ය සරසවි පෙම දැන් වැටහෙනවා

ගිනි කදු නොව කුණු කදු

ගිනි කඳු නොව කුණු කඳු

             මේ දිනවල නිතරම කතා බහට ලක්වන මාතෘකාවක් බවට කුණු ප්‍රශ්නය පත් වී තිබේ. ඒ නිසා ම කුණු කඳු අද අපේ රටේ කාලීන මාතෘකාවකි. මේ වසන්ත සමයේ එනම්, සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන මොහොතේ මේ  රටට ජීවිත අහිමි  කළ ඒ පුවත වාර්තා විය. මිනිස් මනස කම්පා කරවූ ඒ පුවත මෙන් ම ඡායාරූප දෑස් කඳුළින් තෙත් කළේ ය. බාල මහලු ලෙස තේරීමකින් තොරව ජීවිත බිලි ගනිමින් ලෙඩ රෝග පතුරුවා හරිමින් සිය දහස් ගණන් ජීවිතවලට බලපෑමක් එල්ල කරන්නට කුණු ප්‍රශ්නය උද්ගත විය. අප රටේ බැලු බැලු තැන කුණු දක්නට ලැබේ. එයට මිනිසුන්ද වගකිව යුතුව ඇත. මන්ද තමා ඉවතලන දෑ නිසියාකාරව ඉවතලෑම කළ යුතු ය. මී තොටමුල්ල කුණු කන්ද අද ඊයෙක ඇති වූවක් නොවේ. එම ප්‍රදේශය අවට එහි දුර්ගන්ධය ඉවසාලිය නොහැකි තරම්ය. ඒ පිළිබඳ ජනතාවගේ විරෝධය බලධාරීන් වෙත එල්ල වූයේ එදා සිටය. නමුත් එයට පිළිතුරු සැපයීමට පාලකයින් සමත් වී නැත.

          මැතිවරණයක් ඇති හැමදා මෙම කුණු කන්දට විසඳුම් ලබා දෙන්නේ යැයි කටමැද දොඩවන පාලකයින් ජනතාව අසරණ වූ මේ අවස්ථාවේ මුනිවත රකී. ජනතාව නිතරම මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දේවී යන අපේක්ෂාවෙන් පත් වන සෑම ආණ්ඩුවකටම මෙයට නිසි පිළිතුරක් ලබා දෙන මෙන් කන්නලව් කරයි. එහෙත් එය බිරී අලින්ට වීණා වැයීමකි. බලයට පත් වීමට කුණු කන්ද අතකොලුවක් කරගත්තා මිස ඔවුන් එයට විසඳුම් සෙවූයේ නැත.

           ජපානය යනු සංවර්ධිත රටකි. එයට එක් හේතුවක් වන්නේ එම රට පිරිසිදුව තබා ගැනීමයි. ඔවුන් කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ දී විශාල ධනයක් උපයන අතර සොබාදහම අවට පරිසරය මනාව පවත්වාගෙන යයි. ඔවුන් එම සොබාදහමට සැමදා ආදරය කරයි. නමුත් ලංකාව එදා සිටම අද වන තුරුත් සංවර්ධනය වෙමින් පවතින රටකි. රටක් ලෙස ඉදිරියට යාමට රටේ සම්පත් ප්‍රයෝජනයට ගත යුතු ය. ණය බර සහ රැකියා වියුක්තිය අප රටේ උඩුදුවා ඇති ප්‍රශ්නයන් ය. ජපානයේ වගේ ම අපේ රටේත් කුණු කසල මනාව කළමනාකරණය කරයි නම් එයින් ලාභ ඉපයිය හැකි බව බලධාරීන්ට දැනුමක් නැත.මේ කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කරනවානම් ධනය පමණක් නොව ජීවත්වීමට සුදුසු වාතාවරණයක් අවට පරිසරය තුළින් ගෙන දේ. විවිධ සංවර්ධන ව්‍යාපෘති රටට ගෙන එන මෙම පාලකයන් මෙම කසල ප්‍රතිචක්‍රීකරණ  ව්‍යාපෘතියක් සකස් කිරීමට අසමත් ඇයි දැයි යන ප්‍රශ්නය මහජනතාවගෙන් පැන නඟී.


ගයානි රණතුංග

කැලණිය විශ්වවිද්‍යාලය   

Wednesday, April 12, 2017

ආවා ආවා අවුරුදු ආවා

ආවා ආවා අවුරුදු ආවා

මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාළේ
තෙල් ඉහිරුන කැවුම් ගෙඩිය වාගේ...............

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අවුරුදු උදාව ලෙස හඳුන්වයි. මෙම බක් මාසය තුළ අස්වනු නෙළා ගෙට ගන්නා ජනතාව අවුරුද්දට ලක ලෑස්ති වෙයි. කොවුල් නාදයෙන් වසන්ත සමය උදා වූ බව මිනිසා විශ්වාස කරයි. එමෙන්ම මේ සමයේ එරබදු මල් පිපෙයි. ගස් කොළන් ඵලින් බර වෙයි. මෙවැනි විපර්යාසයයසක් පරිසරය තුළ සිදු වේ. මෙම වසන්ත සමයේ මේ ස්වභාවික පරිසරය අලංකාර වන බව විශ්වාස කරයි. එම නිසාම මෙම අවුරුදු සමය ස්වභාවික පරිසරයේ සංසිද්ධියක් බව කිව හැකි ය. එම විපර්යාසය සමඟ ම මිනිසුන්ගේ චර්යාවෙත් යම් යම් වෙනස්කම් දැකිය හැකිය. මිනිසුන් ඉතා කඩිසරව වැඩවල නිරත වෙයි. එමෙන්ම නව ඇඳුම් පැළුම්, නව ගෘහ භාණ්ඩ මිලදී ගනී. නිවස ශුද්ධ පවිත්‍ර කරයි. විවිධ රසකැවිලිවලින් කෑම මේසය පුරවනු ලබයි. කැවුම්, කොකිස් තෙලේ හිනාවෙන්නේ නිවසට මෙන් ම පුංචි පැංචන්ට හා පැංචියන්ට ද අමුතුම මිහිරක් එක් කරවමිනි. මිනිසුන්ගේ මුහුණු තෙල් ඉහිරුන කැවුම් වගේ අලංකාරයි. ස්වභාවික පරිසරය මිනිසාට රැගෙන එන එම අපූරත්වය තව තවත් ඔප මට්ටම් කිරීමට මිනිසුන් කෘත්‍රීම අපූරත්වයක් ද එක් කරයි. බාහිරින් මෙම සියලු අලංකරණයන් සිදු කරන මෙම මිනිසුන්ගේ අභ්‍යන්තරය මෙතරම් අලංකාර නැත. මේ වසන්ත කාලයට පමණක් මවා ගත් බාහිර ආටෝපයක් පමණි. ඒ වාගේ ම  අද අවුරුද්ද කියන්නේ විනාශකාරී එකකි. එය ද වෙළඳපළ උපකරණයක් වී තිබේ. දැන් අවුරුදු තියෙන්නේ මුදල් අත මිට ඇති අයට මිස හිතේ සතුට සැනසුම ඇත්තන්ට නොවේ. එමෙන් ම මේ වන විට අවුරුද්ද මාධ්‍යය තුළ  සීමා වීමක් දක්නට ලැබේ. මාධ්‍යයට ප්‍රධානත්වයක් දී තිබේ. මේ පිළිබඳ දන්නා පිරිස ඉතාමත් දුලබය. තරුණයන්ට අවුරුදු කියන්නේ මත්පැන් ටිකක් තොල කට ගා ගැනීමකි. එහෙමත් නැතිනම් සූදූ ගැසීමකි. නමුත් මේ සමයේ සිදු විය යුත්තේ පැවැති තරහා අමතක කර සුහදශිලී වීමයි. සූර්යයාගේ සංක්‍රාන්තිය සමඟ මිනිසුන් ද සුභදායක ලෙස වෙනස් විය යුතුව ඇත. බාහිරින් පමණක් පුහු ආටෝපය නිෂ්පල වේ. ඒ නිසාම මේ සිංහල, දමිළ, හින්දු අලුත් අවුරුද්දේ සැබෑ අවුරුද්ද විය යුත්තේ මිනිසා යහපත් ලෙස වෙනස් වීමයි.

ගයානි රණතුංග

කැලණිය විශ්වවිද්‍යාලය 

සයිටම් විරෝධය

සයිටම් අර්බුදය

දැන් කාලයක සිට ඇසෙන දකින සයිටම් හෙවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය තවමත් විසඳී නැත. සෑම පුද්ගලයෙකුගේම කතා බහට ලක් වීමට තරම් මේ ප්‍රශ්නය අද බරපතල විය. සයිබර් අවකාශය තුළ නිතරම පාහේ මේ ගැන කතා කරයි. සයිටම් හෙවත් අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව රජයේ විශ්ව විද්‍යාල සිසුන් නිතරම අරගල කරනු ලබයි. අධ්‍යාපනයත් විකුණා කෑමක් බවට පත් වී ඇති බව එම සිසුන්ගේ අදහසයි. එම සිසුන් නිතරම මාර්ග අවහිර කරමින් සිය අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට වෙර දරයි. මේ ගැන කෙනෙකුට තර්ක කළ හැකිය. මන්ද පෞද්ගලික පාසල් කීයක් නම් තිබේ ද යනුවෙන් ප්‍රකාශ කළ හැකිය. ඒ පිළිබඳ විමසීමට කෙනෙකු නැත. නමුත් එහි දිගුවක් වූ මේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ පමණක් කුමට ප්‍රශ්න නඟයි ද යන්න කෙනෙකුට ගැට`ඵවක් විය හැකි ය. ඒ එසේ තිබියදි වෛද්‍ය උපාධිය පමණක් මෙතරම් විශේෂිත වූයේ මෙරටේ අසරණ ජනතාව නිසා විය හැකිය. මුදල් අත මිට ඇති මිනිසුන් පෞද්ගලික අධ්‍යාපනය හොඳයි යන මතයේ සිටී. නමුත් වෛද්‍ය උපාධිය මුදලට විකිණීමෙන් අහිංසක රෝගීන් තව තවත් අසරණ වෙයි. මුදලින් වෛද්‍යවරු නිර්මාණය වූවා මිස ඔවුන්ට ඒ පිළිබඳ මනා පුහුණුවක් නැත. මේ වෙනුවෙන් නැඟී සිටින ශිෂ්‍යයන්ට කඳු`ඵ ගෑස් ගසමින්, බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් මෙන් ම සිසුන් සිරගත කරමින් පෞද්ගලික අධ්‍යාපනය ආරක්ෂා කරයි. දේශපාලන උද්ඝෝෂණවලදී මුනිවත රකින්නන් සිසුන් අභියස දී වීරයන් විමට තැත් කරයි. මේ දිනවල නිරන්තරයෙන්ම සයිටම් විරෝධී ව්‍යාපාර පැවැතුණි. සාධාරණයක් නැති තැන එම සිසුන් තව දුරටත් මුනිවත රකීවී යැයි සිතිය හැකිද? මොවුන් නිතරම පාහේ මාර්ග අවහිර වන සේ හැසිරෙන්නේ විනෝදයට නොවේ. මාර්ග අවහිර කරමින් ජනතාවට හිරිහැර වන සේ උද්ළෙඝා්ෂණ කරනවා යැයි කියමින් බොහෝ දෙනා බැන වදී. මෙතරම් බාධා මධ්‍යයේ කරන ලද අරගලයට විසඳුම් නැති තැන කිසිවෙකුට බාධාවක් නොමැතිව සිදු කරන අරගලයකට විසඳුම් ලැබේවි ද? ඒ නිසාම අරගල කළ යුත්තේ සුදුසු තැනය. දැන් මේ  සයිටම් අර්බුදය මු`ඵ රටම වෙළා ගත්තකි. රජයේ වෛද්‍යවරුන් ද වැඩ වර්ජනය කරයි. සරසවි සිසුන් මෙයට විසඳුම් සෙවීමට වෙහෙසෙයි. රටම වෙළා ගත් මෙම අර්බුදයට වහාම විසඳුම් ලබාදිය යුතුය. විසඳුම් ලැබෙන තුරු සිසුන් ද නොනවතින අරගලයක නිරත වනු ඇත. ඔවුන්ව කඳු`ඵ ගෑස් පහරින් නවතාලිය නොහැකිය. එසේම වෛද්‍යවරු ද අඛණ්ඩ වැඩ වර්ජනවල නිරත වෙයි. එබැවින් මේ සඳහා වහ වහා විසඳුම් අවශ්‍ය වේ. එසේ නැත්නම් අසරණ ජනතාව මෙයින් තව තවත් අසරණ වනු ඇත. මුනිවත රකින බලධරයින් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ.  


ගයානි රණතුංග
කැලණිය විශ්වවිද්‍යාලය

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...